
(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල රැකව මුහුදු තීරයෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු සුදු පැහැති මළු 51ක් තංගල්ල නාවික හමුදාවේ මුර යාත්‍රාවකට අද(14) පෙරවරුවේ හමුවී ඇතැයි පොලිසිය පැවසීය.
දියඹ මුහුදේ මුර සංචාරයේ යෙදුණු තංගල්ල නාවික හමුදා කදවුරේ නාවික යාත්‍රාවක සිටි නිළධාරින් මුහුදේ පාවෙන සැක කටයුතු සුදු පැහැති මල්ලක් දැක එය යාත්‍රාවට ගෙන තිබේ.
එහි මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් තිබෙනු දුටු නාවික හමුදා නිළධාරින් ඉහළ නිළධාරින් දැනුම්වත් කර මුහුදේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
එහිදී වෙරළේ සිට නාවික සැතපුම් පහක් පමණ ඈත මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු මළු 51 ක් සොයාගෙන තිබේ. එම මළුවල හෙරොයින් මළු 03 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මළු 48 ක් තිබූ බව නාවික හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.
එක් මත්ද්‍රව්‍ය මල්ලක් කිලෝ 25 ක් පමණ බරැති බවත් ඒ අනුව මෙම මළුවල මත්ද්‍රව්‍ය කිලෝ 1200 ක් පමණ අඩංගු විය හැකි බවත් පැවසේ.

2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රැකව දියඹෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් ගොඩගනී
Ruwan Tuesday, 14 October 2025 09:58 PM
ඉස්සර කිව්වේ “ඔක්කොම කුණු බේරුවල බොක්කට” කියලා දැන් කියන්න වෙන්නේ “ඔක්කොම කුඩු තංගල්ලේ බොක්කට” කියලා නේද?
Rawidu Wednesday, 15 October 2025 03:05 PM
දැන් ඉතින් මාලිමා ඩෝබිලාට වැඩ ගොඩායි...