(අංජුල මහික වීරරත්න)
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ '' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ප්රතිපත්ති ප්රකාශනයේ " කාර්යක්ෂම ශ්රම සම්පතක් - ගෞරවනීය වෘත්තීය ජීවිතයක් " යන පරිච්ජේදයේ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳ ප්රතිපත්ති යෝජනා ඉදිරිපත් කර ඇතැයිද නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.
එම ප්රතිපත්ති ප්රකාශයේ " රැකියා විරහිත උපාධිධාරීන් " යන කොටස යටතේ ගුරු සේවයට 20000ක් බඳවා ගන්නා බවට පොරොන්දු වී ඇතැයිද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම ප්රතිපත්ති ප්රකාශයේ පොරොන්දුව ක්රියාවට නැංවීම සඳහා දැනට රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට අවශ්ය මූල්ය ප්රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද එම ලිපියේ සඳහන්ය.
එම ලිපිය පහත පරිදි වෙයි.
2026.10.06
ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති සහ මුදල් අමාත්ය, ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්රතිපාදන වෙන් කිරීම සම්බන්ධව
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගයේ '' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ප්රතිපත්ති ප්රකාශනයේ " කාර්යක්ෂම ශ්රම සම්පතක් - ගෞරවනීය වෘත්තීය ජීවිතයක් " යන පරිච්ජේදයේ, රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබඳ ප්රතිපත්ති යෝජනා ඉදිරිපත් කර ඇත.
එහි " රැකියා විරහිත උපාධිධාරීන් " යන කොටස යටතේ,
ගුරු සේවයට - 20,000ක්
IT ක්ෂේත්රයට - STEM උපාධිධාරීන් 3,000ක් සහ Non-STEM උපාධිධාරීන් 9,000 ක්
ආදායම් බදු, රේගු විදේශ සේවා හා සංචාරක ක්ෂේත්ර සඳහා - 3,000 ක් ලෙස රැකියා ලබාදීමට පොරොන්දු වී ඇත.
එබැවින්, එම ප්රතිපත්ති ප්රකාශයේ පොරොන්දුව ක්රියාවට නැංවීම සඳහා දැනට රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරීන් සඳහා රැකියා අවස්ථා ලබාදීමට අවශ්ය මූල්ය ප්රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන ලෙස ඉල්ලා සිටිමි. මෙවැනි උපාධිධාරී රැකියා වැඩසටහන් සඳහා ශ්රී ලංකාවේ පූර්වාදර්ශ ද පවතී. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ,
2005 - උපාධිධාරී රැකියා ලබාදීමේ වැඩසටහන
2011 - සංවර්ධන නිලධාරී/ සංවර්ධන සහකාර සේවා සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන
2012 - උපාධිධාරී පුහුණුකරුවන් ස්ථිර රාජ්ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන වැනි වැඩසටහන් ක්රියාත්මක කර තිබුණි.
එබැවින්, එම පූර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින්, වත්මන් රැකියා විරහිත සියලු උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට අවශ්ය මුදල් ප්රතිපාදන වෙන් කර, පැහැදිලි කාල සීමාවක් තුළ එම ප්රතිපත්ති පොරොන්දුව ක්රියාත්මක කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි.
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ශ්රී ලංකා පොදුජන පෙරමුණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට ඉස්සර වෙලා ඔබ ඔය නඩු වලින් නිදහස් වෙන්න බලපන් මචන් !
අනේ මේකගෙ දේශපාලන කොමඩි, මේ බුරු තඩිය ඕව කියන්න ඕනෙ නැ , මේ රජය ඒ හැම දෙයක්ම කරනව
කිසිම රජයක් බැඳිලා නැහැ රස්සා දෙන්න. ඒක දේශපාලකයෝ හදාගත්ත දෙයක්. ඉගෙන ගන්න එවුන් දැනගන්න ඕනේ තමන්ගේ දැනුමට, කැමැත්තට, ඉල්ලුමට සරිලන උපදෙස් කරන්න. මම හොඳටම දන්නවා. රැකියාවට සරිලන දැනුම තියෙන උපාධිධාරයෝ නැහැ. ඉන්නේ නිකම්ම නිකන් සහතිකකාරයෝ විතරයි.
ලිපිය යැව්වට නම් කමක් නෑ. ඔතන තියෙන කරුණු වලින් 1%කටවත් විසඳුම් නම් ලැබෙන්නේ නෑ. ගැටලුවක් ඇති තැනකදී විසඳුමක් නැත්නම් රජයකින් ඇති ඵලය කිම? වීසා, ගුවන් ටිකට්පත් ලබාගැනීමටවත් වත්කමක් නැති ජනතාව වෙන රටක රැකියා පිළිසරණක්වත් සොයා යන්නේ කොහොමද? විදේශ නියුක්ති කාර්යාංශයත් බදු නොකියා බදු ගසයි. නමුත් විදේශයක සේවය කරන කෙනෙකුට වන සේවයක් නම් අහන්නටවත් නෑ.........
ජීවිතේටවත් රස්සාවක් නොකර බිලියනපති වුන නාමල්ටත් රස්සාවක් දෙන්න ජනාධිපති, ප්ලීස්!
මෙයා කියනකම් තමයි හිටියේ, මේවත් නිව්ස්වල දානවනේ.
අවශ්ය ප්රමාණය මෙන් තුන් ගුණයක් රජයේ සේවකයෝ ඉන්නවා , රටේ අදායමෙන් 50% වියදම් වෙන්නේ පරණ නය වලට පොලී ගෙවන්න , ඉතුරු මුදල් වලින් 35%-40% පමණ වියදම් වෙන්නේ රජයේ සේවකයනට වැටුප් සහ විශ්රාම වැටුප් ගෙවන්න , සවුක්ය සේවා , මාර්ග වැනි දේවල් පවත්වාගෙන යන්න , රජයට තිබෙන මුදල් මදි වෙනවා , එමනිසා රජය නැවතත් අලුතෙන් මුදල් නයට ගනිමින් සිටිනවා , මෙහෙම වාතාවරණයක් තුල අලුතෙන් රජයේ සේවකයෝ බදවගන්න කියලා ඉල්ලන එක , සාධාරණද කියල ජනතාව කලපනා කරලා බලන්න ඕනේ ? එමිරේට්ස් යටතේ තිබුන ශ්රී ලන්කන් එක රජයට ගෙන විනාශ වෙන තැනට කටයුතු කිරීමෙන් රටේ බදු ගෙවන ජනතාවට සිදුවුණ සහ එය රජය යටතේ පවත්වාගෙන යාමෙන් සිදුවන පාඩුව ඩොලර් මිලියන 800 පමණ වෙලා
එහෙම බුරුතු පිටින් රස්සා බෙදල තමා මේකට කෙලෙව්වේ. පුරප්පාඩු තියෙන ඒවට ගන්නව මිසක් පිං පඩි ගෙවන්න ඕන නෑ.
ලංකාවේ සිටින රජයේ සේවකයෝ ප්රමානය ඉතා වැඩිය. 2030 වෙනකොට දැනට සිටින ප්රමාණය අනිවාර්යයෙන් 80% දක්වා සහ 2036 වෙනවිට 50% දක්වා වත් අඩු වෙන ලෙස ප්රති වියුහගත කරගන්න ඕනේ. එහෙම නොකලොත් රට විශාල ආර්ථික අගාධයකට වැටෙනවා , අලුතෙන් රජයේ සේවකයෝ බදවගන්න එක කාලෝචිත නැහැ
හා හා හා. මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය
ඔබලා ශ්රී ලන්කන් වැනි එමිරේට්ස් පාලනය යටතේ ලාබ ලබමින් තිබුන ව්යාපාර රජයට අරගෙන දූෂිත පාලනයක් යටතේ විනාශ කලේ නැතිනම් , ඔබගේ බාප්පා අර විද්වතුන් කියපු වෙලාවේ IMF එකට ගිය නම්, රසායනික පොහොර තහනම් නොකළ නම් , අද අපිට මෙහෙම වෙන්නේ නැහැ , අද අපේ රටේ ආර්ථිකය මෙයට වැඩිය හොඳ මට්ටමක තිබෙනවා , ඉන්න හිර ගෙදරකට වෙලා කට පියාගෙන ඉන්න ,
ඒ කියන්නෙ මෙයා පිලිගන්නව එයාල බලයේ ඉන්න කාලෙ මෙලෝ දෙයක් කලේ නැහැ කියලා.
ඒත් එක්කම මයින පවුලෙ හැත්ත බුරැත්තම කිසිම රැකියාවක් නොකර බිලියන ගනනින් හොයාගත්ත හැටිත් කිව්වනං හොදා.
බය වෙන්න එපා නෑමොලයෝ …., රැකියා විරහිත ඔහෙටයි ඔහෙගේ පරම්පරාවටමයි වැලිකඩ ජොබ් වෙන්කරල තියෙනවා.
ඔය ලිපිය පාපිස්ස උඩ තියන්න
කිසිම උගත්කමක් සුදුසුකමක් නැති තමුන්ලගේ පස්සේ ගිය නිකමුන්ට රස්සාවල් දීපු විදිය දන්නෝ හොන්දාකාරවම දන්නවා.හොර පෙරකදෝරුවෙක් වෙච්ච් තමුන්ට ලැජ්ජාවක් නැති හැටි?