IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා නිවේදනය කළේය.

රැකියා සහ ආයෝජන සඳහා ඉහළ අවස්ථාවක් තිබෙන අංශ 4 ක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක සහාය ලබා දීමට තීරණය කළ බවත් වසර තුනක් පුරාවට එම සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

බලශක්තිය, කෘෂි කර්මාන්තය, සංචාරක සහ පළාත් සංවර්ධනය යන අංශ සඳහා මෙම මූල්‍ය සහාය ලැබෙන බව ලෝකව බැංකුව පැවැසුවේය.

වසර 20 කට පසුව මෙරටට පැමිණි ප්‍රථම ලෝක බැංකු සමූහයේ සභාපතිවරයා වූ අජේ බංගා මහතා පෙරේදා(07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමෙන් පසුව ලෝක බැංකුව මෙම නිවේදනය සිදු කළේය.

එය මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ අනාගතය සඳහා ලෝක බැංකුවේ නව කැපවීම පිළිබඳව කළ සංඥාවක්ද විය.

මෙරට ආර්ථික අවස්ථා පුළුල් කිරීම, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ දිගු කාලීන ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා මෙරටට පුද්ගලික ප්‍රාග්ධනය වැඩි වශයෙන් ගෙන්වා ගැනීම ඉලක්ක කරමින් මෙම මුලපිරීම ආරම්භ කළ බවද ලෝක බැංකුව පැවැසුවේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත්කිරීම සහ ආර්ථික වර්ධනය නැවත ආරම්භ කිරීමේ ප්‍රගතියක් ළඟා කර ගැනීම ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමටත්, පුද්ගලික ව්‍යවසායන්ට ශක්තිමත් විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමටත් මෙය සුදුසුම කාලය බවත් විශේෂයෙන්ම විශාල වශයෙන් නව රැකියා අවස්ථා ඇති කළහැකි අංශවලට වර්ධනය විය හැකි වටපිටාවක් නිර්මාණය විය යුතු බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

එළැඹෙන වසර 10 ක කාලයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට අලුතින් තරුණ තරුණියන් ලක්ෂ 10 ඇතුළු වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් නමුත් එම කාලයේදී ශ්‍රී ලංකාවට නව රැකියා අවස්ථා ඇතිකළ හැක්කේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකථනය කර තිබෙන බවත් ලෝක බැංකුව පැවැසුවේය.

මෙම හිඩැස පිරවීම මුලපිරීමේ ප්‍රධාන ඉලක්කය වී ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.නව රැකියා අවස්ථා ඇති කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමට මෙම මුලපිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ලෝක බැංකුව පැවැසුවේය.

ඒ යටතේ බලශක්ති ක්ෂේත්‍රය ඇමෙරිකානු ඩොලර් මිලියන 185 ක සහායක් ලැබෙනු ඇති බවත් ඉන් ගිගාවොට් එකක ධාරිතාවට සමාන විදුලියක් සුළං සහ සූර්ය බලශක්තියෙන් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට සහායක් ලැබෙනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. එහි අරමුණ මෙරට පවුල් සහ ව්‍යාපාර වෙනුවෙන් විදුලිය ගාස්තුව දැරිය හැකි මිලකට අඩුකර දීම බවද එම බැංකුව පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය මගින් ඩොලර් මිලියන 800 කට අධික පෞද්ගලික ආයෝජන රැස්කර ගැනීමට අපේක්ෂා කරන බවත් එයට ඇපකර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ඇතුළත් වන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

කෘෂි කර්මාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක සහායක් ලැබෙනු ඇති බවත් එය මෙරට ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට නව තාක්ෂණයන්ට අනුගතවීමටත්, වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීමටත්, පුද්ගලික ප්‍රාග්ධනය ඇද ගැනීමටත් අවස්ථාව ලබාදෙනු ඇති බවත් ලෝක බැංකුව පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකිකයන් 380,000 කට ප්‍රතිලාභ ගෙනදෙනු ඇති බවත් එයට කෘෂි ආහාර නිෂ්පාදකයන් 8000 ක් අයත් වන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන පුද්ගලික මූල්‍ය සහායක් ලැබෙනු ඇති බවද ලෝක බැංකුව පැවැසුවේය.

මුලපිරීම යටතේ සංචාරක කර්මාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක සහායක් ලැබෙනු ඇති බවද ස්වාභාවික හා සංස්කෘතික වත්කම් ආරක්ෂා කිරීම තුළින් සංචාරක කර්මාන්තය පුළුල් කිරීමටත්, රැකියා උත්පාදනය කිරීමටත්, සංචාරක කර්මාන්තයෙන් ලංකාවට ලැබෙන ප්‍රතිලාභ දේශීය ප්‍රජාව වෙත ගලායෑම සහතික කිරීමටත් ඉන් බලාපොරොත්තු වන බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

අවසාන වශයෙන් පළාත් සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක සහාය ලැබෙනු ඇති බවත් යටිතල පහසුකම්වල ආයෝජනයන් ලෙසත්, දේශීය කර්මාන්ත සංවර්ධනයටත්, උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව නිසි අවධානයක් යොමු නොවූ ප්‍රදේශවල නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, මෙම මුදල යෙදවනු ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

රටක ආර්ථික වර්ධනයට සහායවීමට සහ හැම අදියරකම රැකියා උත්පාදනය කිරීමට ලෝක බැංකුවට ඇති අද්විතීය හැකියාව සඳහා මෙම මුලපිරිම හොඳම උදාහරණයක් සපයන බව පැවැසෙයි. රැකියා උත්පාදන අංශවලට සහාය වීම සහ පෞද්ගලික ආයෝජන සක්‍රීය කිරීම කෙරෙහි ලෝක බැංකුවේ අවධානය මෙයින් පිළිබිඹු වේ.

ලෝක බැංකුව වසර 70 කට අධික ශ්‍රී ලංකාවේ විශ්වසනීය හවුල්කරුවෙකි. ලෝක බැංකුව මෙතෙක් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක ආයෝජන ශ්‍රී ලංකාවේ සිදුකර ඇත. මෙම මුලපිරීම අවස්ථා ඇති කිරීම, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීම, ඔරොත්තු දෙන සහ ජනතාවගේ ජීවන තත්වය යහපත්වන ආර්ථිකයක් කර රට ගමන් කරවීම පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති හවුල්කාරීත්වය තවත් පුළුල් කර ඇත.

 



අදහස් (0)

රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31235 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13404 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site