IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රුක්මනී දේවි කියන්නේ මගේ මිත්තනියක්

2016-09-15-ent-10

තවමත් නව යොවුන් වියේ පසුවන ඉසිරි දේශානි, කලා ක්‍ෂේත්‍රයට පිවිසි කෙටි කාලයකින් රංගනයට මෙන්ම නිරූපණ කටයුතු කරන්නීය. ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ අපත් සමග ඉසිරි මෙසේ සංවාදයක නිරත වූවාය.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-09-15-ent-09මම ඉසිරි දේශානි. ඉන්නේ පානදුරේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි.

 

ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

මම ගියමාසේ තමයි උසස් පෙළ කළේ. ප්‍රතිඵල එනකම් නිර්මාණ කිහිපයක් සඳහා දායක වෙමින් ඉන්නවා.

 

නිරූපණට එකතු වෙන්නේ කොහොමද?

2015 වර්ෂයේදී ITN අවුරුදු කුමරිය ඔස්සේ තමයි නිරූපණය ක්ෂේත්‍රයට පිවිසුණේ. 2015 ITN අවුරුදු කුමරිය අවසන් 12 අතරට ආවා. එතැනින් පටන් ගත්ත ගමන තමයි මේ එන්නේ.

 

නිරූපණයෙන් වැඩකටයුතු සඳහා දායක වුණාද?

ඔව්, නාට්‍ය කිහිපයකට දායක වුණා. මේ දවස්වල අලුත් ටෙලිනාට්‍යයක රූපගත කිරීම් කරගෙන යනවා. තව මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වුණා. තව ඉස්සරහට වැඩ ටිකක් තියෙනවා.

 

ඒ ගැන කිව්වොත්?

‘කාසිවත්ත’, ‘කොළඹ අපි ආවා’ ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වුණා. තව ‘ඇස්‍ට්‍රා’, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්’, ටීවී කොමර්ෂල් වලටත් දායක වෙලා තියෙනවා.

 

නිරූපණයට එකතු වෙන්න හිතුවෙ ඇයි?

පොඩි කාලේ ඉඳලම රඟපාන්න ආසාවක් තිබුණා. කලා පවුලකට නෑකම් කියන නිසා ඒ ආසාව ඇති වෙන්න ඇති. රුක්මනී දේවි කියන්නේ මගේ මිත්තනියක්.

 

ගෙදරින් අකමැත්තක් නැද්ද?

නැහැ. ගෙදරින් අකමැත්තක් නැහැ. අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

රූපගත කිරීම් අවසන් වුණු මියුසික් විඩීයෝ කිහිපයක් එන්න තියෙනවා. තවත් අලුත් ටෙලිනාට්‍යයක් විකාශන වෙන්න තියෙනවා.

 

උදව් කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?

අනිවාර්යයෙන්ම ඉන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ අම්මාව. එයා තමයි මගේ පස්සෙන්ම ඉඳලා මං ගැන හැමදේම හොයල බලන්නේ. මගේ ගමනට ගොඩක් අය උදව් කළා. නම් නොකියන්න බැරි වුණාට සමාව ඉල්ලනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-09-15-ent-08
2016-09-15-ent-07
2016-09-15-ent-06
2016-09-15-ent-04
2016-09-15-ent-05



අදහස් (0)

රුක්මනී දේවි කියන්නේ මගේ මිත්තනියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site