IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රුක්මන් කෑගල්ලෙන් මහ ඡන්දෙට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.ඇස්.සේනානායක මහතාගේ මුණුබුරකු වන රුක්මන් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කිරීමට යයි.

ඔහු දැරණියගල ආසන සංවිධායක ලෙස අද (1) එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබ සිටී.

1973 දැදිගමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු පසුව පොළොන්නරුව හා කෑගල්ලෙන් 1997 සිට 2010 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

ඔහු ව්‍යාපාරික රොබට් සේනානායක මහතාගේ පුත්‍රයෙකි. රොබට් සේනානායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ සොහොයුරෙකි.

 



අදහස් (0)

රුක්මන් කෑගල්ලෙන් මහ ඡන්දෙට

වාසනා පෙරේරා Wednesday, 01 July 2015 07:22 AM

රනිල් ගන්නේ බුද්දිමත් තීරණ. රුක්මන් මහත්තයා නියම ජනතා පුත්‍රයෙක්. ඔහුට ජයෙන් ජයම වේවා! (නදී)

:       0       0

හේරත් Wednesday, 01 July 2015 08:01 AM

ඔහු පොළොන්නරුවට කළ වැඩක් කියන්න බලන්න. මිනිස්සු නමට ඡන්දෙ දුන්නා. අන්තිමට ඡන්ද අඩුවෙද්දී කෑගල්ලෙන් ඉල්ලුවා. කෑගල්ලට කළ වැඩක් කියන්න පුලුවන් නම්. (නි)

:       0       0

ආරියරත්න Thursday, 02 July 2015 12:16 PM

ඒක හොදයි අලුත් මුහුණක් දේශපාලනයට එක්වෙනවා.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 08:16 AM

එහෙමවත් කරලා බලන්න .(හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 02 July 2015 05:48 AM

කොහෙන් පත්වීම් ලබාගත්තත් කමක් නැහැ වැඩක් කර ජනතාව අතරට යන්න බලන්න.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site