IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රක්නා ලංකා මධ්‍යම පළාත් සේවකයෝ උද්ඝෝෂණයක

වසර 8ක පමණ කාලයක සිට මධ්‍යම පළාත් ‍රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවය කළ සේවකයන්ගේ රැකියාවන් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එහි සේවකයෝ අද (01) එම ආයතනයේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.

උද්ඝෝෂකයන් පැවැසුවේ රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවකයින් බැංකු, විශ්ව විද්‍යාල, ටෙලිකොම් වැනි ආයතනවල ආරක්ෂක අංශ වල සේවයේ නියැළුණු බවත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂක අංශයේ සේවය කළ සේවකයින් 140 කට පමණ සියලු බඩු භාහිරා‍දිය බාරදී රැකියාවට නොයෙන ලෙස දන්වා ඇති බවත්ය.

රක්නා ලංකා මහනුවර ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු කර්නල් කේ. ජී. කුලතුංග මහතා පැවැසුයේ ටෙලිකොම් ආයතනයේ ඉවත් කළ සේවකයින් කිසිවකු සේවයෙන් පහ කිරිමක් නොකළ බවත් ටෙලිකොම් ආයතනය මගින් වසරෙන් වසර එහි ආරක්ෂක නිලධාරින් ලබා දිම දිර්ඝ කළත් මේ වසරේ එය දීර්ඝ නොකළ නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරිමට රක්නා ලංකා මහනුවර ශාඛාවේ ආරක්ෂක අංශයේ සේවකයන්ට කොළඹ ප්‍රධාන කාර්යාලයට මෙම මස 5 වැනිදා පැමිණෙන ලෙස දන්වා ඇති බවත්ය.

vlcsnap-2015-10-01-02h41m26s246 vlcsnap-2015-10-01-02h44m07s71 vlcsnap-2015-10-01-02h44m15s20151001149 vlcsnap-2015-10-01-02h44m25s248



අදහස් (0)

රක්නා ලංකා මධ්‍යම පළාත් සේවකයෝ උද්ඝෝෂණයක

දුමින්ද Friday, 02 October 2015 01:59 AM

අස්ථාවර බව රටට අසුබය (නි)

:       0       0

කැතරින් Friday, 02 October 2015 02:43 AM

මේත් අපි වගේ මිනිස්සු. අපි ඔවුන් ගැන සිතා බැලිය යුතු නොවේද?? (නි)

:       0       0

හිමාල් Friday, 02 October 2015 03:16 AM

මෙතන වෙලා තියෙන්නේ වාර්ෂික ගිවිසුම අලුත් නොකළ නිසා ආරක්ෂාව සැපයීමෙන් ඉවත්වීමක්.මේගොල්ලන්ගේ සේවය අරන් තියෙන ආයතන දන්නවා අනේ කොච්චර හොඳ සේවයක්ද දීලා තිබුනේ කියලා? (නි)

:       0       0

යෝනක Thursday, 01 October 2015 01:45 PM

ඔවුන්ට සාධාරණයක් ඉටුකරන්න (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 October 2015 01:47 PM

ලොකු ලොකු අය කරන විගඩම් වලින් පොඩි එවුන් තමයි කට්ට කන්නේ. (අ)

:       0       0

එරංග Friday, 02 October 2015 03:54 AM

අමතක කරන්න එපා. මේ බොහෝ දෙනෙක් රට වෙනුවෙන් සටන් වැදුණු රණ විරුවන් බව. (බ)

:       0       0

සංජීව Friday, 02 October 2015 03:57 AM

මේකද යහ පාලනය (බ)

:       0       0

සංජය Friday, 02 October 2015 04:30 AM

හිමාල් . .දැන් ටෙලිකොම් සභාපති කව්ද ? එයා පත්වුන ගමන් මේ අයගේ සේවය නරක වුනේ කොහොමද ? මේවා ඉතින් මෙගා ඩීල් තමා. කැහි ගැනිත් එකයි හොටු ගැනිත් එකයි (බ)

:       0       0

හිෂාන් Thursday, 01 October 2015 03:25 PM

ලොකු ලොකු ජොබ් නෙමේ ඉල්ලන්නේ දරු පවුලට කන්න දෙන්න රැකියාව ඉල්ලන්නේ (හේ)

:       0       0

හිමාල් Friday, 02 October 2015 06:26 AM

සංජය, ඔයා මේ සේවය එක්ක වැඩ කරලා තියෙනවද?තියෙනවා නම් ඔහොම කියන්නේ නෑ. (ර)

:       0       0

සුමිත් Thursday, 01 October 2015 04:28 PM

පසුගිය කාලයේ කරලා දුන්න වැඩ පවත්වාගෙන යන්නවත් දැන් බැහැ වගේ නේද? දැන් මාස 9ක් පහුවුණා. කෝ වැඩ? ‍අනාගතය අවිනිශ්චිතයි කියායි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

අනිල් Thursday, 01 October 2015 04:36 PM

මට නම් කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site