Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 29 වන ඉරිදා
(ජයන්ත නානායක්කාර, රෝහන සමරවීර සහ පී.ආර්.ගමගේ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන කොලොන්නේ හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි.
රත්නපුර දිස්ත්‍රීක්කයේ සිංහරාජ රක්ෂිතයට මායිම්ව ගොන්ගල කන්ද පාමුල මෙම හෝටලය පිිහිට තිබේ.
ගින්නෙන් හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අක්කර විස්සකින් සමන්විත ඉඩමේ ඉදිකර තිබූ කබානස් පහකට හා තවත් ගොඩනැගිලි හයකට ගිනි තබා අලාභ හානි කර ඇත. එහි තිබූ ව්‍යායාම කරන උපකරණ රැසකටද හානි කර ඇත
නම සදහන් කිරීමට අකමැති එහි සිටි සේවකයෙක් සදහන් කළේ හැත්තැවක සියයක පමන පිරිසක් පැමිණ පහරදී ප්රෙට්රල් වැනි යමක් දමා ගිනි තැබූ බවත් ඔහුන් අසල කැලයේ සැඟවී සිටි බවයි.
siri Wednesday, 11 May 2022 05:22 PM
හරි හමන් රස්සාවක්වත් නොකරපු කෙනෙක් මේ වගේ මහා පරිමාණයේ ව්‍යාපාර පවත්වාගෙන ගියේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ...? දැන් ඕස්ට්‍රේලියාවේ ගජ සැපට ඉන්නවා ඇති...!
Reply : 14 216
Pradeep Kumara Wednesday, 11 May 2022 05:26 PM
ජනතා මුදල් හොරකම් කලේ නැත්නම් රැකියාවක් කර ඉතා සුළු කාලයකින් මෙතරම් ධනයක් උපයා ගත්තේ කෙසේද? විගණනයක් අවශ්‍යයි කියන්නේ ඒකයි.
Reply : 14 182
susantha Wednesday, 11 May 2022 06:28 PM
ඇයි ඩේසි ආච්චිගේ වත්තට කවුද පින්වතෙක් විසිකරලා තිබ්බා මැණික් මල්ල? ඒ මැණික් මල්ලේ මැණික්වලින් වෙන්නැති හදන්න ඇත්තේ. මොකට කියනවද ඉතින්? මේ හොර පවුලක් එකතුවෙලා රටක්, ලෝකයක් ඇන්දුවනේ..., මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරකර...
Reply : 11 126
Rohana Wednesday, 11 May 2022 06:44 PM
වන විනාශකර හෝටල් ඉදිකරන්නේ බලපුළුවන්කාර කමටයි. අන්තිමට හෝටලයත්, වනාන්තරයත් දෙකම අහිමිවුණා...
Reply : 7 141
Naleen Wednesday, 11 May 2022 06:50 PM
මේ ඔක්කොම යාලුවෝ මල්ලී කියලා රන්ජන් කීවා හරි. නූගත්, මන්ද බුද්ධික, තක්කඩි දේශපාලකයින් ඉවත්කර පවුල් දේශපාලනය අවසන් කිරීමට කාලය හරි.
Reply : 8 113
Sarasi Wednesday, 11 May 2022 06:52 PM
ඈ... යෝශිතට හෝටලයක් තිබ්බද..? නෑ කියලා මැරෙන්න ගියේ. ඒකත් සිංහරාජයේ...
Reply : 8 124
වජිර Wednesday, 11 May 2022 07:45 PM
සිංහරාජයට මහා පරිමාණ හෝටල් අනවශ්‍යයි...!
Reply : 8 93
සුමි Wednesday, 11 May 2022 07:47 PM
යෝෂිත රාජපක්ෂගේ දේවල් විනාශ කරපු එක අමතක කරමුකෝ... ඒ වුණාට ඒ හෝටලයේ සේවය කරපු සහ එයට පිටතින් සේවා සපයපු අහිංසකයින්ට කවුද ඉස්සරහට කන්න දෙන්නේ...? මේ වගේ ගිනිතැබීම් විනාශ කිරීම් කරන විට ඒ වගේ අය ගැනත් හිතන්න...
Reply : 90 73
Shan Thursday, 12 May 2022 08:12 PM
නමුත් මේ රාජපක්ෂවරුන්ගේ දේපළ විනාශ නොකළොත් මිසක්.. ඒවා ගන්න හම්බ වෙන්නේ නැහැ. සේවා සපයන අය ගැන කණගාටුයි. ඒත් කරන්න දෙයක් නෑ මේ වෙලාවේ...
Reply : 0 0
Siri Perera Friday, 13 May 2022 04:22 AM
හරි අමාරුයි වගේ නේද? ගිහින් තියාගෙන කන්න දෙන්න. වහල්ලුන්ට...
Reply : 4 7
Anton austria Friday, 13 May 2022 05:54 AM
නුඹලා වගේ මිනිස්සු ඉන්න කම් රට ගොඩ යාලුවා... ඉතින් යලුවා ඔයාගේ ගෙදර කඩලා රත්තරන් බඩු ඔක්කොම අරන් යනවා. හොරාව හිරේ දාන්න එපා කියන්න. මොකද හොරා ගත්තේ බඩගින්නට. අයියෝ මෙහෙමත් මිනිස්සු...!
Reply : 1 7
chandima Wednesday, 11 May 2022 07:49 PM
දැන් හොරකම් කරපු සල්ලි ඉල්ලපුවාම එව්වා සේරම ඔහෙලා පිච්චුවා කියයි.
Reply : 8 116
Siri Perera Friday, 13 May 2022 04:26 AM
නැහැ. දැන් ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි පාස්වෙනවා. ලොකු ගාණකට ඉන්ෂුවරන්ස් කරලා ඇති. ඒක රජයට ගන්න පුළුවන්...
Reply : 2 7
M M S Friday, 13 May 2022 07:43 AM
මහින්ද මහත්තයා රටට මිලකළ නොහැකි සේවයක් කරපු නායකයෙක්... මමත් හමුදා සොල්දාදුවෙක් විදියට තවමත් හදවතේ ඉන්නේ මෙතුමාම තමයි. ඒත් ඒක එහෙම කියලා මේකට සාධාරණයක් කරන්න බැහැ. මෙව්වා මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි නැත්නම් මෙයාට කොහෙන්ද මෙච්චර සල්ලි..? මේක බුදු දහම අදහන රටක්.. වංචාවට, හොරකමට ඉඩක් නැහැ. කවදාහරි කොතැනින් හරි එව්වා යනවා... මේකත් ඒ වගේ වැඩක් තමයි මෙයාලා ඕනෑවට වඩා රඟපෑවා... ඒකයි මෙහෙම වුනේ මෙව්වා අහිංසක මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි...!
Reply : 14 6
Gamini Friday, 13 May 2022 08:38 AM
2020 සැප්තැම්බර් 19 වැනිදා, ජනපතිතුමාගේ අණපරිදි නෙලුවේ සිට සිංහරාජය දක්වා මාර්ගය දින 90කින් සම්පූර්ණ කළා. නමුත් දැන් සුදුසු මාර්ගයක් නෙළුවට නැහැ.
Reply : 18 5
රටවැසියා Friday, 13 May 2022 11:53 AM
ජනතා විරෝධතා තිබියදී මේවා ඉදිකිරීමට පෙර කුඹුරේ ලොක්කා පළමුවෙන්ම සිංහරාජයේ සිටි අලින් එලවීමට ගත්තේ උන්දෑ කලවානෙ සභාපති වෙලා සිටිද්දී. දෙවනුව ජනතා විරෝධතා තියෙද්දී ජනාධිපති සිංහරාජය හරහා රජයේ වියදමින් මහා මාර්ගයක් ඉදිකළේ මේවාට යටිතල පහසුකම් දීමට... මෙහෙම ස්වභාවික සම්පතක් මෙන්ම ලෝක උරුමයක් වූ සිංහරාජයට හානි කිරීම වෙනුවෙන් හිමිකරුගෙන් හා මුලසිටම එයට මං පෑදූ අයගෙන් අලාභය අයකළ යුතුයි.
Reply : 21 11
Herath Saturday, 14 May 2022 07:55 AM
කොලොන්න කොහේද? නෙළුව කොහේද? තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
Reply : 0 0
විජේ Saturday, 14 May 2022 10:15 AM
කාට කොහොම අයිති වුණත් විනාශකරන එක වැරදියි, පුළුවන් ක්‍රමේකට රජයට පවරගන්නවා මිසක්...!
Reply : 0 1