(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාව සමග යුද වැදීමට අවම ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක මුදලක් ලබන වසරේ අවශ්‍ය වනු ඇතැයි යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
යුද්ධය අවසන් වුවද ආරක්ෂක හමුදාව නඩත්තු කිරීම සඳහා එම මුදල අවශ්‍ය වනු ඇතැයි එම අමාත්‍යාංශය පැවැසුවේය.
යුද්ධය අවසන් කළත් නැවත වරක් රුසියානු ආක්‍රමණයක් එල්ල විය හැකි බැවින් සිය හමුදා යුක්රේනය දිගටම නඩත්තු කර යුතු බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
යුක්රේනයට ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් වියදම් කිරීමට නොහැකි වුවහොත් රුසියාව තවත් යුක්රේනයට අයිති ඉඩම් අල්ලා ගනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු ඇඟවූවේය.
යුක්රේනය සිය ආර්ථිකයෙන් තුනෙන් එකක් ආරක්ෂාව සඳහා වියදම් කරන අතර බටහිරින් ලැබෙන ඩොලර් බිලියන ගණනක ආධාර මත යැපීමට පුරුදුව සිටින අතර රුසියානු - යුක්රේන යුද්ධය හේතුවෙන් යුක්රේන ජනතාව බදු බරින් පීඩිතව සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්රේන යුද්ධයට ලබන වසරේ ඩොලර් බිලියන 120ක්