නව රජය ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ඔස්සේ මානව හිමිකම් ශක්තිමත් කරන ඉදිරි ගමනක නිරතවන බව ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනොන් පැවසීය.
සාමයේ ප්‍රතිලාබ ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවද ෂැනොන් කීවේය.
ඇමරිකා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා විදේශ අමාත්‍යංශයේදී ඇමැති මංගල සමරවීර මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා සිදුකළ අතර වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම හා සමුද්‍රික ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාවය ගැනද සාකච්ඡා කළ බව එහි ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යහපාලනයට ඇමරිකාවෙන් සහතිකයක්
ජයරත්න Wednesday, 16 December 2015 05:10 AM
ශ්‍රී ලංකාවේ සියලු ජනතාව සාමයේ ප්‍රතිලාභ දැනටමත් භුක්ති විදිනවා තමයි. ඈමරිකාව ඒ ගැන කරදර වෙන්න උවමනා නෑ. ඒ ගොල්ලො දැන් ලිබියාවට, ඉරාකයට, ඈප්ගනිස්ථානයට එහෙම සාමයේ ප්‍රතිලාභ ලබාදෙන හැටි පේනවනේ. (ම)
දුමින්ද Wednesday, 16 December 2015 05:14 AM
කීකරුකමට සහතිකයක්ද ? (ම)
සොපි Thursday, 17 December 2015 10:37 AM
අපොයි ..! මේ අයගේ සහතික අත ලෙවකන්න මේ අය කඩයිද මී.? දෙයියන්ට කන්නලව් කරනවා ඇරෙන්න දැන් ඉතින් වෙන මොනවා කරන්නද ? (ර)
සේන Wednesday, 16 December 2015 07:59 AM
ඇමරිකාව ලංකාවට ඇතුල් වුනොත් මහා විනාශයක්ම සිදු වෙනවා .මෙය රටේ ජනතාවගේ කැමැත්ත මත සිදුවුණු එකක් . .සුබසාධනය නැති කිරීමත් රජයේ ප්‍රතිපත්තියයි .මේවා නොදැනද ඡන්දෙ දුන්නේ ?දැන් කලබල කරන්න එපා.වැඩක් නැහැ (බ)
ඉන්දික Wednesday, 16 December 2015 09:00 AM
අපිටත් ඉස්සරහට වියට්නාමයට, බින් ලාඩන්ට වගේ ප්‍රතිලාබ ලැබේවි. (අ)
සරණපාල Wednesday, 16 December 2015 09:22 AM
කලින්ම සහතික ලබුනෙක ලොකු දෙයක්. තවම කට්ටිය එෆ්සීඅයිඩී එකට යනවා එනවා විතරයිනේ. (බ)
ප්‍රසන්න Wednesday, 16 December 2015 09:24 AM
නියම මරාලයක් තමා මෙයාලා කිට්ටු කරගෙන තියෙන්නේ. (ම)
චාමර Wednesday, 16 December 2015 09:36 AM
ඇමෙරිකාව ගියතැන සුද්ද කරනවා, පේනවනේ මැදපෙරදිගට සහ අනෙකුත් උදව් ලබාගත්තු රටවලට වෙලා තියන එක. මේගොල්ලෝ එතන රවට්ටගෙන තෙල් සහ ගන්න පුළුවන් දේවල් ටික ඇදගෙන සැප විදිනවා. අර මෝඩ මිනිස්සු ටික දුක් විදගෙන මරාගන්නවා. ළගින් ගියොත් ඇහැක් නැහැ. (බ)