සමීර හසුන් අධ්‍යක්ෂණය කරනු ලැබූ යාල්දේවි ටෙලි නිර්මාණය අද (23දා) සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. යුද්ධයක කුරිරු බව හා රුදුරු බව පසක්කර ගැනීමට නම් එහි ඇති මායාව ගැන කතා කළ යුතුමය. යුද්ධය යනු දැඩි මායාවකි. ඉන් ලැබෙන ජයග්රහණයද උමතුවකි. මේ වචනවලට පෙරළමින් තිබෙන්නේ තවත් යුද්ධ කතාවක් නොවේ. නමුත් මීට වසර කීපයකට පමණ පෙර යාපනය ප්‍රදේශය මුළුමනින්ම LTTE ග්‍රහණයට හසු වී තිබෙන කාල වකවානුවක කුරිරු යුද්ධයෙන් මංමුලා වූ යුද හමුදා සෙබළෙක් මායිම් ගම්මානයකට දුවගෙන එන්නෙ දිවි ගලවා ගැනීමටය. ඔහුට හොඳ හැටි තුවාල වී ඇත. ඔහු දෙමළ නිවසක් අසල සිහිසුන්ව ඇද වැටේ. එය දකින දෙමළ තරුණියක් දුවගොස් වතුර පොවයි. සියල්ලන්ටම හොරෙන් ඔහුව නිවසට කැඳවාගෙන යයි. එය බොහෝසෙයින් ආදරණීය හා හැඟීම්බර සිදුවීමකි. මෙතැන් පටන් යාල්දේවි නම් කෙත් යායේ මූලික බීජය වැපිරෙයි.
තිර රචනය සහ අධ්‍යක්ෂණය - සමීර හසුන්
නිෂ්පාදනය - ටෙලි විස්කම් මීඩියා ප්රඩක්ෂන්ස්
කැමරා අධ්‍යක්ෂණය - ජනක මාපිටිය
කලා අධ්‍යක්ෂණය - නිමල්සිරි ද මෙල්
අංගරචනය - ප්‍රියංක තිලක් රත්නායක
සංස්කරණය - චන්දන සමන් ලියනගේ
සංගීත අධ්‍යක්ෂණය - මාධව හේවාවසම්
සහාය අධ්‍යක්ෂණය - ලලින් ධනංජය බටගල්ල
නිෂ්පාදන කළමනාකරණය - ශී‍්‍රමාල් පොල්පිතිගම
නිශ්චල ඡයාරූපකරණය - නුවන් චාමර / එමල් ලක්ෂිත / ශාන් හසරංග
රංගන ශිල්පීන් - සාරංග දිසාසේකර / සුභාෂිණී බාලසුභ්රමනියම් / විනූ සිරිවර්ධන / නිරංජනී සමූගරාජා / මොරින් චාරුණී / ශෙහානි කහඳවල / වසන්ත මුහන්දිරම් / අංජන පේ‍්‍රමරත්න / සුජීව පි‍්‍රයලාල් / මධුෂාන් නානායක්කාර / නඩරාජා ශිවම් / මහේෂ්වරී රත්නම් / කමල් දේශප්‍රිය / සංගීතා බස්නායක / සමන්ත කුමාර ගමගේ
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යාල්දේවි අද සිට ස්වර්ණවාහිනියේ...