IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යූරියාවල පණු‌වො බලන්න කොළඹින් පොළොන්නරු යයි

(අංජුල මහික වීරරත්න)

යුරියා පොහොරවල පණුවන් සිටිතියි පොලාන්නරුව මනම්පිටියේ ගොවීන් පිරිසක් කළ ප්‍රකාශයක් ගැන  වහාම පොළොන්නරුවට ගොස් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

රජය විසින් සපයන ලද යුරියා පොහොර වල කළුපැහැති පණුවන් විශේෂයක් සිටින බවට පුවතක් පැතිර ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

මෙි සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය අමාත්‍යවරයාට පවසා ඇත්තේ යුරියා යනු ඇමෝනියා බහුල වශ‌ෙයන් තිබෙන රසායනික පොහොරක් නිසා යුරියාවල කිසිසේත්ම ජීවියකුට පැවැතිය නොහැකි බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ අදාල සිදුවීම සම්බන්ධව වහාම වාර්තාවක් සපයන ලෙස  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන්,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න හා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකු  හේවාගේ යන මහත්වරුන්ට උපදෙස් දුන් බවයි.



අදහස් (1)

යූරියාවල පණු‌වො බලන්න කොළඹින් පොළොන්නරු යයි

Amunugama Friday, 27 January 2023 04:47 PM

අමරවීර ඔයා කෘෂිකර්මය පිළීබඳව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site