IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යුරෝපා සංගමය සමඟ සබඳතා ශක්තිමත් කරනවා

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානොත්සවය අමතමිනි.

මෙහිදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා යන මට්ටම් වලින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 390කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර 2020, 2021, 2022, සහ 2023 යන අධ්‍යයන වර්ෂවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය අගය කරමින් දිවංගත ජයන්ත ධනපාල සහ  එච්. එම්. ජී. එස්. පලිහක්කාර යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අභාවප්‍රාප්ත ජයන්ත ධනපාල මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සිවංක ධනපාල මහතා විසින් සම්මානය ලබාගන්නා ලදී.



අදහස් (2)

යුරෝපා සංගමය සමඟ සබඳතා ශක්තිමත් කරනවා

බද්රානි Saturday, 11 November 2023 02:27 AM

චීනේටයි, රුසියාවටයි, මදපෙරදිගටයි කත් ඇදලා යුරෝපා සංගමයට මුක්කු ගහන්නද මේ දඟලන්නේ..? මම නම් හිතන්නේ යුරෝපා සංගමය මේ අසමත්ජාතීන්ව පැත්ත පළාතේ වැද්ද ගන්න එකක් නැහැ කියලයි... වැදගත් ජාතීන්ට එකතුවෙන්න උත්සාහ කරන වෙලාවේ, තමන්ගේ ජාතියට ගැලපෙන, කුණු ගොඩකට එකතු වෙන එකනේ පහසු...

:       1       2

ලුම්බිණි Saturday, 11 November 2023 09:07 AM

ජර්මන් රිපෝටර්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන කොට නම් එහෙම ගතියක් පෙනුනේ නැහැ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site