සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැනි විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හැඳින්විය හැක.
යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ යුරෝපා රටවල නියෝජිතයන්ය. යුරෝපා රටවල් ගණන 27 කි. යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන 705 ක් ඇති අතර ඒ සඳහා මෙම රටවල නියෝජිතයන් තෝරා පත් කර ගැනීම මැතිවරණයේ අරමුණය. ඒ සඳහා යුරෝපා රටවල වැසියෝ ඡන්දය ප්‍රකාශ කරති.
ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වූයේ පසුගිය 6 වැනිදාය. උතුරින් ෆින්ලන්තය දක්වාත්, දකුණින් සයිප්‍රසය දක්වාත්, බටහිරින් අයර්ලන්තය දක්වාත්, නැගෙනහිරින් බල්ගේරියාව දක්වාත් විසිරුණු යුරෝපා රටවල මිලියන 373 ක් මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව පැවැසිණි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුරෝපා මැතිවරණය අවසන් අදියරේ