IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යූරෝපය කොටි තහනම ඉවත් කරයි

යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය අද (16) වාර්තා කළේය.

මෙලෙස ඉවත්කරනු ලැබුවේ 2006 වසරේදී යුරෝපා සංගම් නායකයෝ 2006 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට එක් කර පනවා තිබූ තහනමයි.

එකළ පුවත්පත් හා අන්තර්ජාල වාර්තා සලකා බලා ගත් එම තීරණය පරීක්ෂණයකින් ලබාගත් තීරණයක් නොවන බවත් ඒ නොවන හෙයින් මෙතෙක් කල්  එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කරන බවත් යුරෝපා සංගමය අධිකරණය තීන්දු කර ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කළ ද එම සංවිධානයේ දේපළ සම්බන්ධයෙන් පනවා තිබූ තහනම මින් වෙනස් නොවන බව අදාළ තීන්දුව ලබාදෙමින් යුරෝපා සංගම් අධිකරණය දැනුම් දී තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ යුතු සඳහන් කළ පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදීමට එම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ යුරෝපා සංගමය මෙන්ම ඉන්දියාව ද අපොහොසත් වූ බව යුරෝපා සංගම් වාර්තාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත්, ‘තමා ශ්‍රී  ලංකා රජය සමඟ සන්නද්ධ අරගලයක යෙදී සිටි නිසාත්, යුද නීති රීතිවලට බැඳී සිටින නිසාත්‘ , යුරෝපා සංගමයේ ත්‍රස්ත විරෝධි නීතිරීති තමාට අදාළ නොවන බවට එල්.ටී.ටී.ඊ සංවිධානය ඉදිරිපත් කර තර්කය යුරෝපා සංගම් අධිකරණය ප්‍රතික්ෂේප කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ද නැද්ද යන්න අවධාරණය කිරීම වඩා වැදගත් නැති බවත්, යුරෝපා සංගමයේ ත්‍රස්ත විරෝධී නීතිරීති සන්නද්ධ අරගලවලටද බලපාන බවත් යුරෝපා සංගම් අධිකරණය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජයේ හමුදා 2009 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කළ අතර ඉදිරියේදී එම සංවිධානයට තහනම් පැනවිය හැකි බවත් යුරෝපා සංගම් අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

යූරෝපය කොටි තහනම ඉවත් කරයි

ලුම්බිණි Thursday, 16 October 2014 09:33 PM

මීට වඩා දේවල් වෙන්න පුළුවන් ඉදිරියට, අපි වැරදි නිවැරදි කරගත්තේ නැත්නම්. (නි)

:       0       0

ශාන්ත Thursday, 16 October 2014 09:44 PM

ලෝකයේ ලොකුම ත්‍රස්තවාදියා කවුද කියලත් දන්නවනේ? (නි)

:       0       0

රසික චමින්ද Friday, 17 October 2014 09:10 AM

කොහේ ඉන්න කොටිද බන්, ලොක්කා ඔක්කොම පරාජය කරලා නැති කරලා දැම්ම කියන්නේ. සාමාජිකයෝ නැති සංවිධානයක් තහනම් කරත් නැතත් ඉවත් කරත් අවුලක් නැහැනේ. (නදී)

:       0       0

බමුණු ආරච්චි Friday, 17 October 2014 12:19 AM

කවුරු මොනවා කළත් අපේ රටේ නැවත ත්‍රස්තවාදයට හිස ඔසවන්න ඉඩක් නොතැබිය යුතුයි (නි)

:       0       0

අප්පුහාමි Friday, 17 October 2014 12:45 AM

ලංකාව කොටි ත්‍රස්තවාදය පරාජය කළේ මේ එක තැනකින්වත් කිසිම උදව්වක් තිබිලද? ඔවුන්ට කොටින්ගෙන් ලැබෙනකොට බලමුකෝ. පක්ෂ බේද වලින් තොරව මේ වෙලාවේ රට රැකගැනීමයි අපි කළයුත්තේ (නි)

:       0       0

චම්පික Friday, 17 October 2014 11:36 AM

ඔක්කොටම කලින් රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ දැනට තිබෙන අවුල් ටික විසඳ ගන්න අවශ්‍යයි. එතන අපේ සමගියක් නැති නම් මේ දේවල් ගැන උඩ පැනලා වැඩක් නැහැ. (හේ)

:       0       0

හේවාවසම් Friday, 17 October 2014 01:29 AM

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කෙරෙහි විශ්වාසය තබන්න එපා කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ඉෂානි Friday, 17 October 2014 01:34 AM

බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

විරාජ් Friday, 17 October 2014 02:07 AM

එහෙනම් අයි.එස්.අයි.එස්. ,අල්කයිඩා... මේවත් ත්‍රස්තවාදී සංවිධාන නොවේ කියලා තහනම් නොකර ඉන්න බැරිද? (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 17 October 2014 02:17 AM

අපිත් කල්පනාවෙන් වැඩකළොත් හොඳයි (නි)

:       0       0

චමිල Friday, 17 October 2014 02:30 AM

මේවට ඒ රටවල් වලට බැනලා වැඩක් නැහැ. අපිටත් දක්ෂ තානාපතිලා හිටියා නම් මේ තත්ත්වය වෙනස් කරන්න තිබුනා. රටේ හොඳ විදෙස් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

මොරිස් Friday, 17 October 2014 01:38 PM

මම නම් හිතන්නේ කේ පි ල, කරුණලා , දයා මාස්ටර්ලා ගැන ආරංචි වෙලා වගේ. (අ)

:       0       0

නිමල් ලලිත Friday, 17 October 2014 02:55 AM

මේ රටේ අනාගතය, සිංහලයාගේ අනාගතය ගැන දැන්වත් කල්පනාකර බැලුවොත් නරකද? (නි)

:       0       0

යසන්ත Friday, 17 October 2014 03:36 AM

අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)

:       0       0

නුවන් Friday, 17 October 2014 03:37 AM

තහනමත් ඉවත් කළ එකේ, ඉතුරු කොටි ටිකට තියෙන්නේ යුරෝපයේ හොඳ පැත්තක් බලලා වෙනම රාජ්‍යයක් ඉල්ලා ගන්න. කොටියා කනකොට තේරේවි, කොටියාගේ තරම. (නි)

:       0       0

සුනෙත් Thursday, 16 October 2014 02:06 PM

මාළුත් එපාලු ..මෙයාල එන්නේ මොකටද කියල අපි දන්නවා..(නදී)

:       0       0

සිංහ Thursday, 16 October 2014 02:13 PM

අපේ රටේ ඉන්න විවිධාකාර දේශපාලුවෝ ඔක්කෝටම හොඳ ආරංචියක්. මෙම අවස්ථාව ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ප්‍රයෝජනයට අරගෙන වැඩක් ගත්තොත් හොඳයි. (නදී)

:       0       0

හසිත Friday, 17 October 2014 04:58 AM

මෙන්න මේ නිසා තමයි අපිට දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් අවශ්‍ය වෙන්නේ.(හේ)

:       0       0

රජින්ද Thursday, 16 October 2014 03:04 PM

මේ රටට රිද්දන්න පුළුවන් හොදම විදිහට රිද්දනවා වගේ. ලංකාව රුසියාවට තදින්ම බැදුනේ නැත්නම් අපේ රටවල් අන්ත අසරණ කරන්න කුහක බටහිර රටවල් උත්සාහ ගනීවි.(හේ)

:       0       0

කුමාරි Thursday, 16 October 2014 03:21 PM

අපේ රටට නම් නැවත කෙනෙහිලිකම් කරන්න උඩ ගෙඩි දෙන්න එපා.අපිට අපේ නිදහසේ ඉන්න දෙන්න.(හේ)

:       0       0

රුවන් Friday, 17 October 2014 05:34 AM

තව ඉදිරියට හොඳ හොඳ දේවල් , මේවට අපේ බන්දුල පෙරේරා , සදුනිලා එහෙමත් වග කියන්න ඕනි. (ස)

:       0       0

සඳුනි Thursday, 16 October 2014 03:38 PM

අනේ අද නම් අරමහත්වරුන්ට සැනසිල්ලේ ටිකක් නින්ද යාවි."(අ)

:       0       0

සරාම් Friday, 17 October 2014 06:04 AM

චමිලගේ කතාව හරියට හරි . (ස)

:       0       0

බක්ති Thursday, 16 October 2014 04:21 PM

දැන් නම් එන පොට හොඳ නැහැ වගේ.(හේ)

:       0       0

ගයාන් Friday, 17 October 2014 06:13 AM

මේ දේ නිසා කොටින්ට නැගීටිමට හොද අවස්ථාවක් වෙනවා(හේ)

:       0       0

සිල්වා Thursday, 16 October 2014 04:49 PM

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ යුතුයි මෙතුලින් වෙන්නේ ත්‍රස්තවාදය ඉඩදීමක් ඇමරිකාව මේකට ඉඩ දෙනවද ???(හේ)

:       0       0

නලීන් Thursday, 16 October 2014 05:33 PM

රටට විරුද්ධව කේළාම් කියපු අයටත් මේවායේ ප්‍රතිඵල විඳින්න වෙයි. තවත් පැත්තකින් මාළු ආනයන නවත්වලා කෙනෙහිලිකම් කරනවා. (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 October 2014 05:45 PM

යුරෝපයට අද එල්.ටී.ටී.ඊ. ය වටිනවා. මොකද යුරෝපයේ බොහෝ රටවල ලක්ෂ ගණනිනුත්, සමහර රටවල මිලියනකට ආසන්න ගණනිනුත් ලැබෙන ඔවුන්ගේ ඡන්දය මොවුන්ට ලොකු සහනයක්. එපමණක් නොව අපේ සිංහල කොටසක්ම යුරෝපයේ පවසන්නේ දමිළයන්ට ලංකාවේ සිංහලයින්ගෙන් සහ රජයෙන් ලොකු තර්ජන සහ අසාධාරණයන් සිදුවෙනවා කියායි. (නි)

:       0       0

නඩරාජා Thursday, 16 October 2014 06:25 PM

සෙල්ලම් පටන්ගන්න වගෙයි හදන්නේ. (නි)

:       0       0

කුමාර Friday, 17 October 2014 07:23 AM

බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත්‍රණ හදුනා ගෙන සිංහල දෙමල,මුස්ලිම් ,රටට ආදරය කරන සියල්ලම එකට සිටිය යුතුය .(හේ)

:       0       0

බණ්ඩාර- කටාර් Thursday, 16 October 2014 07:31 PM

මහා බ්‍රිතාන්‍යය, එංගලන්තය කොටියා තහනම් කරනකොට ලංකාව එදා ගත් පියවරත් අපිට මතකයි. එදා කොටියා කොච්චර උඩගියාද කියලා පිටරට හිටි අපි දැක්කා. යුරෝපයේ කොටි හුරතල් කරලා කිරි පෙවුවට ලංකා භූමියේ ගොරවන්නට ලාංකික සිංහයින් ඉඩදෙන්නේ නැති බවත් දැනගත්තොත් හොඳයි (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 16 October 2014 08:30 PM

අද ලංකාව විදේශ කටයුතු සහ ත්‍රස්තවාදී කටයුතු ගැන ඉතාමත් උදාසීනයි කියලා අපිට දැනෙනවා. එල්.ටී.ටී.ඊ. යේ දක්ෂතාවය නිසා අද ඔවුන් ජය ගන්නවා. අපට කළහැක්කේ කුමක්ද? (නි)

:       0       0

යශෝධා Thursday, 16 October 2014 09:16 PM

කවුරු මොනවා කළත් අපි මොළය කල්පනා කර බලා තීරණ ගතයුතුයි (නි)

:       0       0

කසුන් Thursday, 16 October 2014 09:17 PM

සිහිනුවණින් විමසා බලා තීරණ ගැනීමයි නුවණට හුරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site