IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යුරෝපයටත් වඩා රස මිදි ලංකාවේ වවයි

(අංජුල මහික වීරරත්න)

යුරෝපයේ වැවෙන මිදි උව පරණගම ඇත්කඳවක ගමේ සාර්ථකව වගා කර තිබේ.

ඇත්කඳවක ජේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ අක්කර භාගයක ඉඩම් කොටසක මෙම මිදි වත්ත පිහිටා ඇත.

"ඊශ්‍රායෙල් බ්ලු" නැමති මිදි ප්‍රභේදය එම ඉඩමේ වගා කර ඇති අතර ඒවායේ ප්‍රනීත රසයක් ඇති බව කියති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මිදී වගාව නිරීක්ෂණය කිරීම සඳහා එහි ගියේය.

මෙරට මිදි වගාව සඳහා සුදුසුම ප්‍රදේශය යාපනය බව හදුනාගෙන තිබුනත් දැනට යාපනයේ වගා කරන ඉසබෙලා නැමැති මිදි වර්ගය වයින් සැකසීම සදහා පමණක් උචිත බවට ද මතයක් පවතී.

ඊශ්‍රායෙල් බ්ලු නැමැති මිදි ප්‍රභේදය ඌව පරණගම පමණක් නොව මෙරට කවර ප්‍රදේශයක වුවද වගා කළ හැකි බව බණ්ඩාර මහතා පැවසීය.

කප්පාදු කරන ලද මිදි අතු යොදා ගනිමින් අලුත් මිදි පැල සකස් කරන බවත්, ඒ සදහා විශාල ඉල්ලුමක් ඇති බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ මෙරටට මිදි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වෙන බවයි.

මෙරට වගා කිරීම සඳහා සුදුසු මිදි ප්‍රභේදයක් සකසන ලෙස 2018 දී තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් නමුත් තවමත් ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට හැකි වී නැති බවත් අමාත්‍යවරයා කීය.

බණ්ඩාර මහතාගේ මිදි වගාව තමා  නිරීක්ෂණය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ඒවායේ ආනයනික මිදිවලටත් වඩා ඉහළ රසයක් තිබෙන බව පැවසීය.

මෙම මිදි වගාව පුළුල් කළහොත්  ඉදිරි කාලයේ දී මිදි ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.



අදහස් (7)

යුරෝපයටත් වඩා රස මිදි ලංකාවේ වවයි

Nihal Tuesday, 15 August 2023 05:33 PM

පුලුල් කලහොත්?

:       0       5

සකල ගුරු Tuesday, 15 August 2023 05:34 PM

එහෙනම් ඉතින් බණ්ඩාර මැතිතුමා වගේ දක්ෂතා තිබෙන අයට අමාත්‍යාංශයේ තනතුරු ලබාදී නින්දේ පසුවන නිළධාරීන් ගැන තීරණයක් ගන්න කාලය හොදයි බණ්ඩාර මැතිතුමාට ශුභ පතමු

:       0       13

lankaputha Tuesday, 15 August 2023 09:01 PM

මිලියන 900, සාමාන්‍යයෙන් දිනකට මිලියන 3ක්, දිනකට USD 3,000,000ක් සාමාන්‍යයෙන් කිලෝ 1ක් USD 3ක්, ඒ නිසා මෙය කිලෝ මිලියන 1ක් වෙනවා... එය එන්නේ නැව්වලින් හෝ ගුවන් යානාවලින් නොව උමං මාර්ගයකින්ද?

:       2       13

පැරකුම් Tuesday, 15 August 2023 09:08 PM

රාජ්‍ය ආයතන කල්මරද්දී පෞද්ගලික ගොවීන්ගෙන් අවශ්‍ය දේ සිදුවන බවට මේ හොද උදාහරණයකි. රජය අඩුවශයෙන් ඔවුන් දිරිමත් කිරීමක් හෝ සිදුනොවේ. එහෙත් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ සුඛවිහරණය නමි නොඅඩුව සපයාගනිති.

:       2       15

chandima Wednesday, 16 August 2023 12:53 AM

ඇමතිගේ කතාව වැදිලා මිදී තිත්ත වෙයිද මන්දා?

:       1       10

Saman W Thursday, 17 August 2023 10:27 AM

වසරකට ඩොලර් මිලියන 900ක් කීම මොනතරම් මෝඩ දෙයක්ද? මේ මෝඩයා මේක කියන්න කලින් ගනන් බලන්න.

:       0       2

K.S.Jayakody Friday, 18 August 2023 06:22 AM

අපට මේවා ලබා දෙන්න පුලුවන් නම් ඒකට ක්‍රමයක් සලසන්න අපිත් හොද හොදට වගා කරන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site