IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යාපනේ ගොවියා එළවළු මිල බස්සයි

යාපනය දිස්ත්‍රික්කයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමත් සමග විශාල වශයෙන් මිල පහත වැටි තිබේ .

අද (30 ) දින වනවිට යාපනයෙන් ගෝවා , මිරිස් ,බිට් ,වම්බටු ,කැරට් ,මැකරල් ,අර්තාපල් අල ,ලුනු මල් ,කරවිල ,එළබටු ,අලු කෙසෙල් ආදී එළවළු වර්ග රැසක් ලැබී ඇති බව කළමනාකාර ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසිය .

සති තුනකට පෙර රුපියල් 1300 කට පැවැති අමුමිරිස් කිලෝව 240ක් දක්ව ද 140  තිබු වම්බටු 70 දක්වාද ,280කට අලෙවි වූ කැරට් 160 දක්වාද අඩුවී ඇත .යාපනයේ එළවළු ලැබෙන ආකාරය සමග දඹුල්ලේ එළවළු මිල තවත් අඩු වනු ඇතැයි වෙළෙන්දෝ කියති.

 

DSC08464

DSC08465 DSC08468 DSC08469 DSC08474 DSC08475

 



අදහස් (0)

යාපනේ ගොවියා එළවළු මිල බස්සයි

මාගලී Saturday, 31 January 2015 08:28 AM

ඔව් ලොකු දෙයක් නදිනි වගේ අනෙක් අයටත් හිතන්න පුළුවන් නම්. නැත්නම් මේ රට ගොඩගන්න එක බොරු තමයි (නි)

:       0       1

ශාන්ත Saturday, 31 January 2015 08:59 AM

ත්‍රස්තවාදය නරක අතට හැරුනේ 77 නිදහස් ආර්ථික ක්‍රමය වැටුනට පස්සේ. ඒ කියන්නේ යාපනය ගොවියාගේ නිෂ්පාදන සදහා මිලක් නොමැති වීමක් නිසා නරක අතට හැරුනා. ඔවුන්ගේ නිෂ්පාදන වලට තැනක් දෙනවා කියන්නේ ඔවුන් අපි සැබවින්ම ශ්‍රී ලංකිකයෝ සේ ජීවත්වෙනවා.(හේ)

:       0       1

නදිනි රණවීර Saturday, 31 January 2015 09:04 AM

මගේ අදහස අගය කළ ඔබ සැම දෙනාට ස්තුතියි!(හේ)

:       0       0

නන්දන Friday, 30 January 2015 05:37 PM

යාපනයේ ජනතාව යුද්ධයෙන් පසුව වැපිරු බීජවල අස්වැන්න මේ වනවිට නෙළා තිබෙන බව පේනවා. එත් දකුණේ ජනතාව යුද්ධයෙන් පසුව සමාජයට වැපුරුවේ මොනවද? මේ වන විට ඒවායේ අස්වැන්නත් අපිට හොඳ හැටි නෙළාගන්න හැකිවී තිබෙනවානේ. (නි)

:       0       0

දසුනි Friday, 30 January 2015 05:48 PM

අපේ අය පුරුදුවෙලා ඉන්නේ අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නනේ. (නි)

:       0       0

පෙරේරා Friday, 30 January 2015 06:20 PM

මේවාට හේතුව ලංකාවේ මිනිසුන්ගේ අවංකබාවය එකමුතුකම නැතිවීමත්, තණ්හාව සහ බල ලෝබයත්ය. මේවා සියල්ල අවබෝධ කරගන්නවා නම් ලෝකයේ හොඳම රට ලංකාවයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 03 February 2015 04:45 AM

අපිත් ගෙවත්තේ පුංචි බෝගයක් වවාගන්න උත්සාහ කරමු (නි)

:       0       0

ස.අ.බ. ඩයස් Saturday, 31 January 2015 10:57 AM

එළවලු මිල අඩුඋනාට කුනුකොල්ලයටම ගන්න යන්න එපා. වවන ගොවිමහතුන්ටත් ජීවත්වෙන්න පුළුවන් මිලක් ලබාදෙන්න සතොස හෝ එනවා නම් හොදයි. (ර)

:       0       0

අපොන්සු Friday, 30 January 2015 07:52 PM

මම මිරිස් හිටෙවුවා. අනේ! ඔක්කොම මැරුණා. (නි)

:       0       0

චමින්ද Saturday, 31 January 2015 12:49 PM

හැමෝගෙම වැරදි හදාගෙන අපි හැමෝම රට දියුණු කරමු. (නි)

:       0       0

ඉන්දික මල්ලිකාආරච්චි Saturday, 31 January 2015 01:45 PM

දැන් අර මෛත්‍රි මහත්තය දිනුවේ දෙමල ඡන්ද වලින් කියන අය දෙමල අය හදපුවා හින්දා මේ එළවලු කන්නේ නැද්ද? (ර)

:       0       0

රජීව් Saturday, 31 January 2015 01:49 PM

යාලුවනී! මේ කොමෙන්ට් ටික බලනවිට හෙට දිනය ගැන පුදුම සතුටක් දැනෙනවා. එකමුතු කමින් යමු පෙරටම. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. (ර)

:       0       0

විමල් Friday, 30 January 2015 09:10 PM

නදිනි, සිංහල හැමෝම ඔයාගේ අදහසට සියයට සියයක් එකඟවිය යුතුයි. ඒ අපි සැබෑ ශ්‍රී ලාංකිකයෝ නම්. අපේ දමිළ සොහොයුරන් කවදත් තද අවුව මැද්දේ වතුරත් නැතුව ගොඩක් දුක්විඳලා මහන්සි වෙලා ජීවත්වුණා. අපේ සිංහල අය ලෙහෙසියෙන් ජීවත්වෙන්න හිතුවා. ජාති බේදය පරදා අපි සිංහල, දමිල, මුස්ලිම් හැමෝම සමගියෙන් සහෝදරත්වයෙන් රට ගොඩගනිමු. සැබෑ බුදුදහම එය බව තේරුම්ගනිමු. (නි)

:       0       0

සලහුදීන් Saturday, 31 January 2015 03:36 PM

මෙහි පළවී ඇති ප්‍රතිචාර කියවීම මා ප්‍රමෝදයට පත්කරයි. අපි ලාංකිකයෝ වශයෙන් ආඩම්බරයට පත්වෙමු. (නි)

:       0       0

සුදෙල්මි Saturday, 31 January 2015 01:49 AM

නදිනි, මේකට නොලියා ඉන්නන අදහස් කළත් ඔබගේ සුන්දර අදහස දැක්කහම ස්තුති නොකිය ඉන්න බැරිවුණා. කටමැත කියවන්නේ නැතුව විදේශ ණයවලින් කන්නේ නැතුව මේ රටේම ජන කොටසක් වන සුන්දර දෙමළ මිනිසෙකුගෙන් හරි ඉගෙනගන්න බලන්න මිනිසුනේ! (නි)

:       0       0

මහින්ද Saturday, 31 January 2015 01:55 AM

දන්නා තරම තමයි. යාපනයට වැස්ස අඩු බව දන්නේ නැද්ද ? මොකටද නොදන්නා දේට ප්‍රතිචාර දාන්න‍ේ (නදී)

:       0       0

මහින්ද Saturday, 31 January 2015 01:57 AM

රසික ඔයා හරි දඹුල්ලේ මුදලාලිලගේ එළවලු මාෆියාව මේ ලාබය ජනතාවට ලැබෙන්න දෙන්නේ නැහැ (නදී)

:       0       0

දර්ශන Saturday, 31 January 2015 02:24 AM

නදිනි, ඔබ කියන්න ඕනෑ දේ හොඳට කිවුවා. (නි)

:       0       0

විමුක්ති Saturday, 31 January 2015 02:36 AM

සිංහල මිනිස්සු මහා කම්මැලියි. නිකම් ඉඳලා පඩි ගන්න පුළුවන් රස්සාවල්මනේ ඉල්ලන්නේ. සමහරු හිතාගෙන ඉන්නේ අයවැය කියන්නේ පඩි වැඩිකරන දෙයක් බවයි.පඩි වැඩි කළවිට කම්කරුවා පවා ගාන වැඩිකර ගන්නවා. එවිට බඩු වැඩිවෙනවා.අන්න එවිටයි නිෂ්පාදන වියදම වැඩිවෙන්නේ. එවිට අපනයනය කඩාවැටෙනවා. (නි)

:       0       0

මාටින් Saturday, 31 January 2015 02:44 AM

නදිනි රණවීර හා සමාන අදහස් තිබූ යුගයක් මටත් තිබුණා. නමුත් 'ඇනිමල් ෆාම්' හෙවත් සත්ව ගොවිපල' යන පරිවර්තිත දේශපාලන ආර්ථික හා දාර්ශනික පොත කියවූ පසු එහි එන 'අශ්ව චරිතය' වීමට කොහොමටවත් හිත හදාගන්න බැරි නිසා බල්ලෙක් ඌරෙක් නොවී බූරුවෙක් වීමට තීරණය කලෙමි. (නදී)

:       0       0

හමීඩ්-රියාඩ් Saturday, 31 January 2015 03:04 AM

නදිනි, ඔබගේ අදහසට මම හිස නවනවා (නි)

:       0       0

නදිනි රණවීර Friday, 30 January 2015 01:42 PM

අත් දෙක පොරවාගෙන ඉදල පිනට කන්න හිතාගෙන, නකුට වනාගෙන දේශපාලකයින් පස්සේ දුවන සිංහල මිනිසුනේ, හොඳට හිතල බලන්න යාපනයේ මිනිසුන්ගේ ශක්තිය, උත්සාහය හා දහිරිය රටක සෞභාගයට අවශ්‍ය වන්නේ මෙවැනි දිරිමත් මිනිසුන්. රටේ ජාතිබේදය වපුරවමින් අහසට දෑස යොමා කටින් බතල හිටවන පින්ගුත්තරයින්ට මේ පින්තුර ටික දැකලවත් හැදෙන්න කියලයි මම ප්‍රර්ථනා කරන්නේ. (නදී)

:       0       0

සලීත් Saturday, 31 January 2015 03:27 AM

නදිනි, ඔයාට මගේ ස්තුතිය (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 31 January 2015 03:32 AM

නදිනි, ඔබ දක්වා ඇති අදහස් සිතේ කිසිම කුහකකමක් නැති, දියුණුවට කැමති, යථාර්ථය තේරුම් ගන්න සියලුම යහපත් මිනිසුන් බොහොම සතුටින් පිළිගන්නවා ඇත. කිසිම දෙයක් වගානොකර ඉඩම් ඔහේ පාලුවට හැර හන්දියක් හන්දියක් ගානේ රස්තියාදු ගගහා ඉන්න අය මෙය ආදර්ශයට ගෙන අඩුතරමේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා හෝ යම්දෙයක් වගා කරන්නට දැන්වත් අදිටන් කර ගන්නවා නම් යහපතකි. (නි)

:       0       0

සුධීර Friday, 30 January 2015 01:54 PM

අපට කන්න දෙන යාපනයේ ගොවි රජවරු (නදී)

:       0       0

විජයබාහු Friday, 30 January 2015 01:57 PM

මෙයාලට ලංකාවේ දේශපාලනය වගේම එළවලු මිලත් පාලනය කරන්න පුළුවන්. දැක්ක නේද. (නදී)

:       0       0

අසෝකා Friday, 30 January 2015 02:04 PM

නදිනි ඔය හරි. කොච්චර ඉඩකඩ තිබුනත් අපේ අය මිරිස් පැලයක් වවා ගන්නවත් හිතන්නේ නැති එකනේ පුදුමේ.(නදී)

:       0       0

රෝයි Saturday, 31 January 2015 04:17 AM

අපිට ලොකු සහනයක් දුන් හැමෝටම ස්තුතියි. (නි)

:       0       0

නලින්ද Saturday, 31 January 2015 04:19 AM

නදිනි පළකළ අදහස අගය කරමි. (නි)

:       0       0

දිල්ශාන්ත් පීරිස් Saturday, 31 January 2015 11:11 PM

යහපාලනයට සොබා දහම ආශිර්වාද කරනවා. ජාතින් අතරත් සමගිය ඇතිවෙනවා. සැමට සතුට (නදී)

:       0       0

ඇසළ Friday, 30 January 2015 02:26 PM

යාපනය දුන්නොත් පාලනය ඒ අයට සිංගප්පුරුවක් කරයි අවුරුද්දකින්. නදිනි ලිව්වා වගේ මට ලියන්න තියෙන්නෙත් දේශපාලුවන්ගේ පස්සේ ගිහින් රට හදන්න හදනවට වැඩියේ සියලු දෙනාම උත්සහ කොලොත් අපි ගොඩ.(නදී)

:       0       0

ටි‍රෝන් Saturday, 31 January 2015 04:35 AM

කොහොමද අපේ උතුරේ වැසියන් අපේ ආර්ථිකයට දායකවෙන හැටි? ඔබ සියලු දෙනාට දේවාශිර්වාදය ඉත සිතින් පතමි! (නි)

:       0       0

අසේල Friday, 30 January 2015 02:48 PM

ඒ වුනාට රටේ අනිත් මිනිස්සුන්ට ඒ සහනය නෑ.(හේ)

:       0       0

ජයන්ත Friday, 30 January 2015 02:48 PM

නදිනි ඔය ගැන කවුරු මොනවා කිව්වත් ඔයා කියන දේ තමයි ඇත්ත.(හේ)

:       0       0

ඩිල්ෂාන් Friday, 30 January 2015 02:48 PM

නදිනි, නියමෙට කිව්වා!(හේ)

:       0       0

සමන් Saturday, 31 January 2015 05:21 AM

අපේ ගොවියන්ට යාපනේ ගොවියන්ගෙන් ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. නදිනි කියන දේවල් හරියටම හරි. මම යාපනයේ දක්ෂ ගොවි සොයුරන්ට සුබ පතනවා. (නි)

:       0       0

අරුණ Saturday, 31 January 2015 05:28 AM

පොල් රුප්පාවෙන්,තල් රුප්පාවට ගිය යාල්දේවිය කොමල ලීලා.. මොරසන් සුරන වෙඩි වරුසා තුරල් වී නිදහස් අරුණල් වැටෙන හිමිදිරියට... බලයට කෑදර සමහර දේශපාලුවන් නැවතත් ගිනි අවුලන සේයා පෙනේ.. (නි)

:       0       0

රසික Friday, 30 January 2015 03:07 PM

දඹුල්ලේ එළවලු මාෆියාව මේ ලාබය ජනතාවට ලැබෙන්න දෙන්නේ නැහැ. (හේ)

:       0       0

සුජිත් Friday, 30 January 2015 03:26 PM

නදිනි අපේ යාපනයේ මිනිසුන්ට කුරිරු ත්‍රස්තයන්ගෙන් නිදහසක් ලැබුන නිසා අද සමස්ත ශ්‍රී ලංකා වාසීන්ම එයි ප්‍රතිපල බුක්ති වින්දිනවා .එසේ නොවන්නට එම බිම්වල තවමත් එළවලු වෙනුවට බෝම්බ පැල ව්‍ තිබෙන්නට තිබුනා.(හේ)

:       0       0

මුතුනායක Saturday, 31 January 2015 06:05 AM

මේ සේරම කරන්න පුලුවන් උනේ යුද්ධය ඉවර කළ නිසා (නදී)

:       0       0

මංජුල Friday, 30 January 2015 04:01 PM

සිංහලින් උත්සහ කරන්නේ නිකන් කන්න. යාපනේ මිනිසුන් ආදර්ශයට ගන්න. හැමදාම ජාතිවාදය අවුස්සනේ නැතිව.(හේ)

:       0       0

චරිත් Monday, 02 February 2015 06:59 AM

රටේ අනෙකුත් ප්‍රදේශ වල ගොවි මහතුන්ට අපහාස කරන්න එපා. යාපනෙන් මොකුත්ම එන්නෙ නැති කාලෙත් ඒ මිනිස්සු වගාකරලා මේ රටේ මිනිසුන්ට මිරිස් එළවලු හැම දෙයක්ම සැපයුවා. මේ සැරේ ඒ මිනිසුන්ගේ වගා පාලුවුණා. සිංහල මිනිස්සු ඔයතරම් කම්මැලි නම් කොහොමද මුළු ලංකාවටම බත සපයන්නේ? මෙතන ජාති බේදයක් නොවෙයි, හැම ගොවියම මහන්සි වෙනවා. (නි)

:       0       0

අශෝකා Friday, 30 January 2015 04:12 PM

මේ වගේ දෙයකටත් ජාතිවාදය වක්‍රව හෝ ඈඳා ගන්නේ නැතිව ශ්‍රී ලාංකික සියඵ ජනකොටස් එකිනෙකා අවබෝධයෙන් සමඟියෙන් එක් වුනොත් අපිට ලෝකය ඉදිරියේ අභිමානයෙන් ජිවත් විය හැක. දැන්වත් එක එක අවස්ථාවාදීන්ගේ බහට නොරැවටී සිංහළ,දෙමළ,මුස්ලිම් බේදයකින් තොරව අපි අපේ රට ස්වයංපෝෂිත කරමු. ඒ අතර අන්තවාදයට අපි සියල්ලන් එරෙහිව නැගී සිටිමු. (නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 31 January 2015 07:36 AM

යාපනයේ මිනිස්සු ඉගෙනීමටත් ගොවිතැන්වලටත් ඉතාම දක්ෂයි. අපි සිංහල අය බොහෝ විට උදාසීනයි. අපි ලැජ්ජා විය යුතුයි (නදී)

:       0       0

රණසිංහගේ පැරිස් Friday, 30 January 2015 04:33 PM

නදිනි රණවීර ඔබ හරියටම හරි. සිංහලයා දන්නේ අනුන්ට වල කපන ගමන් තමන්ගේම වල කපා ගන්න එක විතරද? දේශපාලකයන්ගේ කසිප්පු ටිකට මරාගන්න මෝඩයෝ. පහුගිය ටිකේ ඒක තවත් ප්‍රදර්ශනය උනා. රටේ වාසනාවකට ඒක තවත් ව්‍යසනයක් නොවී යන්තම් බේරුනා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site