
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථන් මහතා අතර හමුවක් යාපනයේ දී සිදුවිය.
කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජයේ පවතින ගැටළු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර එම ගැටළු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටළුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නොමැති බැවින් ගැටළු මතුව ඇති බව ද අරුන් සිද්ධාර්ථන් මහතා පැවසූ අතර ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.
එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල් 100 ඉදිරි මාස 06ක කාලය තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යාපනේ කුල ප්‍රශ්නය ගැන ජනපතිට පැමිණිලි