IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යාපනය සරසවියේ ඇදුරෝ අසූවක් රට පැනලා මුළු පාඩුව කෝටි 17ක්



(සුජිත් හේවාජුලිගේ )

ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා විදේශගතවූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අසූ දෙනෙකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් ( බැඳුම්කර) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළා වාර්තාවක සඳහන්වේ.

එසේම  මෙම ආධ්‍යයන සහ   අනධ්‍යන කණ්ඩායම  එම ශිෂ්‍යත්ව  වැඩසටහන් අවසන් කර වාර්තා කර නොතිබූ බවද එහි දැක්වේ. පසුගිය 1980 සිට 2023 දක්වා කාලයේදී ගිවිසුම් කඩ කළ නිලධාරීන්ගෙන් මෙම බැඳුම්කර අය කර ගැනීමට විශ්වවිද්‍යාලයද නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ජාතික විවරණ කාර්යාලය පවසයි.

මේ අතර එම විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය සඳහා 2023 වර්ෂයේදී ඇඟිලි  සලකුණු යන්ත්‍රයෙන් පැමිණීම තහවුරු කිරීමෙන් තොරව රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා අතිකාල සහ නිවාඩු දින ගෙවීම් කර තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ යාපනය විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (3)

යාපනය සරසවියේ ඇදුරෝ අසූවක් රට පැනලා මුළු පාඩුව කෝටි 17ක්

hemantha Tuesday, 08 April 2025 12:45 PM

ජාතිය, නිජ බිම, ගැන තමයි අන්තවාදී කතාව – හොරෙන් රට පැන යාම තුළින්ම පේනවා ජාතිය ගැන තියෙන කැක්කුම.

:       1       6

Lalla Tuesday, 08 April 2025 03:38 PM

දෙමල, සිංහල වෙනසක් නෑ. ඉහළ උගතුන් තරම් ආත්මාර්ථකාමී හොරු සාමාන්‍ය ජනතාව අතර අඩුයි.

:       1       0

kamal Koyrala Tuesday, 08 April 2025 05:27 PM

උද්දර්පන නීතිය යටතේ ගෙන්වා ගත යුතු සමහරක් වෙන රටවල පුරවැසිභාවයත් ලැබිලා ඇති .එම නිසා බැඳුම්කරයට අත්සන් කල අයවත් ගෙන්වා ගත යුතුයි නීතිය ඉදිරියට."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site