
(සිතුම් චතුරංග)
යාපනය මහ නගර සභාව සඳහා අභිනවයෙන්පත්වූ නගරාධිපති එමානුවෙල් ආර්නොල්ඩ් මහතා 2023 වර්ෂය සඳහා දෙවනවර සංශෝධන සහිතව මහනගර සභාව වෙත ඉදිරිපත් කළ අයවැය ජන්ද හයකින් පරාජයට පත්වීමත් සමඟ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නගරාධිපතිවරයා නිවේදනය කළේය.
දෙවන වරට ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් පක්ෂව ඡන්ද 16ක් හා විපක්ෂව ඡන්ද 22 ලැබී තිබුණි.
යාපනය මහ නගර සභාව වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ එවකට නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා විසින් 2023 වර්ෂය ඉදිරිපත් කළ අය වැය වාර්තාව දෙවරක් පරාජයට පත්වීමත් හේතුවෙන් නගරාධිපතිවරයාට එම ධූරයෙන් ඉවත්වීමට සිදුවිණ.
පළාත් පාලන පනතේ විධිවිධාන මත මහ නගර සභාව වෙත නව නගරාධිපතිවරයකු තොරාගන්නා ලෙස පළාත් පාලන කොමසාරිස්වරයා දන්වා සිටි අතර ඒ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා යළිත්වරක් ජනවාරි 20 වැනිදා නගරාධිපති ලෙස නිතරඟයෙන් තේරිපත්විය.
නව නගරාධිපතිවරයා පත්වී මාසයක් ඇතුලත 2023 වර්ෂය වෙනුවෙන් අයවැය යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර දෙවරක් පරාජයටපත්වීමත් සමඟ තමා තවදුරටත් නගරාධිපති ධූරයේ නොසිටින බවත් ඉන් ඉවත්ව සුදුස්සකු පත්කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරයාවෙත දැණුම්දෙන බවත් ප්‍රකාශකොට සභාවේ සභිකයකු ලෙස අසුන්ගන්නා බවට මන්ත්‍රීවරන් වෙත දැණුම්දෙනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය නගරාධිපති යළි විසි වේ