IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


යාපනයේ ක්‍රීඩාංගනයක් අසළ බෝම්බ ගබඩාවක්

(රොමේෂ් මධුෂංඛ)
 

යාපනය අම්පන් ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේ පිහිටි කැලෑවක වලදමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ රැසක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ගොඩ ගෙන ඇත.
 
පේදුරුතුඩුව නාවික හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ඒ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දී, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අම්පන් සිවනොලික් ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටි කැලෑවේ වලදමා තිබූ ස්ථාන පරීක්ෂා කිරීමේදී මෙම කොටි බෝම්බ තොගය හමු වී ඇත.
 
මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 47 ක් සහ පකිස්තානයේ නිෂ්පාදිත යුද ටැංකි විනාශ කළ හැකි කිලෝ 13 ක් බරැති විශාල ප්‍රමාණයේ අධිබලැති පීඩන බෝම්බ  4ක් තිබී ගොඩ ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්ව ඇත.


යුද සමයේදී  අදාළ බෝම්බ තොගය කොටි සාමාජිකයින් විසින් මෙම ස්ථානයේ වලක් කපා ගබඩා කොට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් සැක පළ කර සිටි අතර ගොඩ ගත් බෝම්බ තොගය අධිකරණ නියෝගයකින් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලු වැඩිදුරටත් සඳහන් කළහ.

 



අදහස් (7)

යාපනයේ ක්‍රීඩාංගනයක් අසළ බෝම්බ ගබඩාවක්

sudath Wednesday, 23 January 2019 10:17 PM

නැවත ජනයට පවරා දුන් ඉඩම් වලත් බෝම්බ බැලුවද දන්නේ නැහැ ?

:       29       41

Abaran Thursday, 24 January 2019 02:38 AM

වලෙහි පස් පරීක්ෂා කල විට වලදමා ඇත්තේ කිනම් කාලයකදි දැයි සොයාගත හැකිය.ඒ අනුව මෑතක සිදුවීමක්නම් කොටියාගේ හිස එසවීමට නොහැකි ලෙස ඒ වලෙහිම වැළලිය යුතුය.

:       1       23

cjhcgbh Thursday, 24 January 2019 07:12 AM

මේවා යුධ සමයේ වලලපු ඒවා වෙන්න ඇති.

:       0       1

BamunuarachchiThursday, 24 January 2019 02:33 PM

ජපන්නු ලංකාවට බෝම්බ දාන කාලේ වළලපුවා...

:       1       11

raviFriday, 25 January 2019 08:06 AM

ඔන්න කිව්වා ඉතින් ගොන් කතාවක්... !

:       0       0

BamunuarachchiSaturday, 26 January 2019 12:12 AM

රවී ජපනා ලංකාවට බෝම්බ දැම්ම බව දන්නේ නැද්ද?

:       0       3

Bamunuarachchi Saturday, 26 January 2019 12:10 AM

ඒ ගොල්ලන්ට තේරෙන භාෂාවේන් පිළිතුරු දුන්නේ නැතිනම් තේරුම් ගන්නේ නැහැ. ඔය ඔබට පටගාලා තේරුනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 263 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2104 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1607 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site