( රොමේෂ් මධුෂංඛ)
යාපනයේ ක්‍රියාත්මක කඩුකල්ලියක ප්‍රභල සාමාජිකයින් 05 දෙනෙකු යතුරුපැදි සහ තියුණු කඩුද සමග අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් කොට්ඨාශ අපරධ විමර්ශන අංශය පවසයි.
යාපනයේ විවිධ ප්‍රදේශයන්හි නිවෙස් වෙතට කඩුත් සමග ඇතුලු වී නිවැසියන්ට පහරදීම රන් ආබරණ කොල්ලකෑම, දේපල අලාභහානි සිදුකිරීම, යතුරුපැදි සොරකම් කිරීම සහ පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීම ආදි අපරාධ රැසකට සොයමින් සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.
කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව එහි ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් නවාලි, මාණිප්පායි, කරෙයිනගර් සහ විශ්වමඩු යන ප්‍රදේශයන්වලින් අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර එහිදී සැකකරුවන් විසින් අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදි 03 ක්ද සමගින් ඔවුන්ගේ නිවෙස් වල සඟවා තිබූ තියුණු කඩු දෙකක්ද පොලිස් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 සහ 26 අතර වයස්හි පසුවන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටත් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ අරඹා ඇති බවටද පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ කඩු කල්ලියක ප්‍රබලයින් 05 ක් දැලේ