
(ගයාන් සූරියආරච්චි)
යාපනය, කෝපායි, අච්චුවේලි, චුන්නාකම් ප්‍රදේශවල ජනතාව බියට පත්කරමින් රාත්‍රී කාලයේ නිවාසවලට පැන කෝටි ගණනක මුදල්, රන්බඩු ඇතුළු දේපොළ කොල්ලකෑ සැකකරුවකු පොලිසියට ජීව අත්බෝම්බයකින් පහරදීමට යාමේදී වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමේදී යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උදරය ප්‍රදේශය ද සපා කා තුවාල සිදුකර ඇති අතර තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු විසින් කොල්ලකෑ රන් භාණ්ඩ පවුම් 50 ක් පමණ පොලිසිය සොයාගෙන ඇති අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බය ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩර මහතාගේ මෙහෙයවීම පරිදි සහකාර පොලිස් අදිකාරී දිස්ත්‍රික් (I) ජරූල් මහතාගේ මගපෙන්වීමෙන් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර,පොලිස් සැරයන් (67547) කුමාරසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (88486) කපිල්දාස්, (37747) සිල්වා, (12208) පියසේන, (99986) දේශප්‍රිය 7230 විජය කාන්ත යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයම බිය කළ හොරෙක් මාට්ටු
rana Sunday, 08 December 2024 07:55 PM
IGP ඉඳලා නම් ටික දැම්මා නම් මරු...!
බකල ජයාMonday, 09 December 2024 02:33 PM
නියමයි, 100%
බකල ජයා Sunday, 08 December 2024 10:41 PM
ඉන්ටර් ප්‍රවින්ෂල් හොරෙක්, දෙන්න ඕනෑ හොම්බට හැටක්...
Chandima Monday, 09 December 2024 04:08 PM
මේ හත්දෙනාගෙන් හොරා කොයි එක්කෙනාද?
ජිල්බුMonday, 09 December 2024 06:48 PM
@Chandima, අර පුටුවක වාඩිකරවලා, වටකරගෙන ඉන්නේ පැනලයයි කියලා, අන්න එයා තමයි...!