
(අංජුල මහික වීරරත්න)
යාපනය දිස්ත්‍රික්කයේ මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කිරීම සඳහා වන මූලික මාර්ග පරීක්ෂණ ධාවනය ඊයේ සිදු කෙරිණි.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම පරීක්ෂණ ධාවනයේදී, මෙට්‍රෝ බස් රථ සඳහා සුදුසු මාර්ග හඳුනාගැනීම, බස් නැවතුම් ස්ථාන තීරණය කිරීම, අවශ්‍ය තාක්ෂණික පහසුකම් සහ පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් පිළිබඳව අවධානයක් යොමු කෙරිණි.
2026 වසරේ මුල බස් රථ 10ක නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙට්‍රෝ සේවාව මේ වනවිට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන ආවරණය කරමින් මාර්ග 7ක බස් රථ 122ක් ධාවනය කෙරෙයි.
එම සේවාව කොළඹින් පිටතට ව්‍යාප්ත කිරීමේ මීළඟ පියවර ලෙස මහනුවර සහ යාපනය තෝරාගෙන ඇති අතර, ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කය වෙත ද මෙට්‍රෝ සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd