(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය.
මෙම හමුවේදී දෙපාර්ශ්වය විසින්ම ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවය පිළිබඳව සිහිපත් කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේම සහයෝගිතාව අවධාරණය කළේය. යුනෙස්කෝ නායකත්වය සඳහා අපේක්ෂකයකු ලෙස ආචාර්ය එල්. එනානි මහතා ඔහුගේ දැක්ම මෙහිදී ඉදිරිපත් කළ අතර, ජාතීන් අතර සංස්කෘතික සහයෝගීතාවය සහ අවබෝධය වර්ධනය කිරීම සඳහා ඔහුගේ කැපවීම අවධාරණය කළේය.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් දෙරට අතර පවතින දිගු කාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක නි.කථානායක හමුවෙයි