IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් ?

මලයාසියා යානයට රුසියා බෙදුම්වාදී කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නට ඇතැයි යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. යානය අඩි 33,000 ක් පමණ ඉහළ අහසේ පියාසර කරමින් තිබිය දී මේ ප්‍රහාරය එල්ලවන්නට ඇතැයි ද කඩා වැටුණු යානයේ සිට දිවිගලවාගත් අයකු ගැන මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. දින කිහිපයක් තිස්සේ රුසියා යුක්රේන දේශසීමාව ආසන්නයේ දී යුක්රේන ගුවන් හමුදා යානා කිහිපයක් පසුගිය සතියේ කඩා වැටී තිබිණි. මලයාසියා ගුවන් සේවය පවසන්නේ යානයේ මගීන් 280ක් හා කාර්ය මණ්ඩලය 15ක් සිටි බවයි.

(සජීව විජේවීර)

_76336959_023191772-1

article-2696161-1FBA2DB700000578-851_634x475

1405616690771_wps_4_Malaysia_Airlines_plane_c

_76337830_023192012-1

article-2696161-1FBA404200000578-970_964x709

article-2696161-1FBA2DA000000578-276_964x721

article-2696161-1FBA3C8E00000578-915_964x721

article-2696161-1FBA531000000578-310_964x713

article-2696161-1FBA5A8400000578-916_964x523

article-2696161-1FB9DF9100000578-286_634x446

article-2696161-1FBA1A6800000578-786_634x446

article-2696161-1FBA0F3200000578-966_634x662

යානයට ප්‍රහාරය එල්ලවන්නට ඇත්තේ මැවනි මිසයිල විදිනයකින් යැයි විශ්වාසයක් පවතී

article-2696161-1FB9DD4700000578-264_634x422
ප්‍රහාරයට ලක්වී කඩා වැටුණු යානය

article-2696161-1FBA206A00000578-256_634x635

 

 

 

 



අදහස් (0)

යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් ?

ශාන සෞදි Thursday, 17 July 2014 05:38 PM

මෙවන් දෙයක් වුණාමයි කියමුකෝ. ඒ ගුවන් යානයේ කොටස් කෝ එතකොට? මේක ඇමරිකාව කරන බොරුවක් කියලයි මට නම් හිතෙන්නේ. අඩුම තරමින් මුහුදට වැටුනා නම් තෙල් පහරක්වත් තියෙන්න ඕනෑ (නි)

:       0       0

කෝවාලි Thursday, 17 July 2014 05:54 PM

හපොයි! දැන් හැමතැනම යුද්ධ, යුද්ධ, යුද්ධ... මේවා කවදාද අවසන් වෙන්නේ? පොළොවෙන් කැල්ලක් අල්ලාගන්න මිනිසුන්ගේ තිබෙන තණ්හාව, දෙවියනේ! මැරෙනකොට ඔය පොළොව කොටස අරගෙන යන්නද අම්මපා! (නි)

:       0       0

තනෝජ් Thursday, 17 July 2014 06:12 PM

ඇයි මේ මලයාසියානු යානා වලටම මෙහෙම වෙන්නෙ? මොකක් හරි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් තිබිය යුතුයි කියලා හිතෙනවා. මොකද ආසියාවේ ඉදිරියෙන්ම ඉන්න ගුවන් යානා සමාගම තමයි මැලේසියන් එයාර් ලයින් එක. (නි)

:       0       0

මෂ් Saturday, 19 July 2014 02:04 PM

හාල් මිල ආයෙත් වැඩි වෙයිද ? (නදී)

:       0       0

ප්‍රශාන්ත Thursday, 17 July 2014 07:51 PM

බොහොම ඛේදජනක පුවතක් (නි)

:       0       0

ඩයස් Thursday, 17 July 2014 07:55 PM

හරිම දුක්බරයි (නි)

:       0       0

මලින්ද Friday, 18 July 2014 07:54 AM

එතකොට මේක MH 370 නෙමෙයිද? තවත් එකක්ද (නදී)

:       0       0

කමල් Friday, 18 July 2014 07:58 AM

තමන්ට අවශ්‍ය ත්‍රස්තවාදය නැති කිරීමට සමහර ප්‍රබල කියාගන්නා රටවල් උපකාර කිරීමේ ප්‍රතිළුල තමයි මේ. කොටි ත්‍රස්තවාදය නැති කිරීමට එරෙහිව අවි අමෝරන රටවල් මේ ගැන කදුලු හෙලනවා. කොටි ත්‍රස්තවාදය නැති කිරීමට පෙර අප රටේ කොටියන් තැබූ බෝම්බ වලින් මියගිය අය, ඝාතනය කල අය, බස් බෝම්බ, දුම්රිය බෝම්බ වගේම ගුවන් යානා විනාශ කල හැටි ගැන අපට අමතක නැහැ. මෙවන් විනාශ කාරි ක්‍රියාකල සංවිධානයක් නැති කිරීම ගැන ප්‍රසංසාව වෙනුවට දණ්ඩණයට යටත් කරන්න හදන්නේ එය සමහර රටවලට අවශ්‍ය ත්‍රස්තවාදයක් නිසාද? අප ලියන කමෙන්ට් ඉංග්‍රීසියට පරිවර්තනය කරන අපට විරැද්ධව ක්‍රමන්ත්‍රණ තානාපති කාර්යාල වල කුලියට වැඩ කරන අයට මේවා ගැන කියලා දෙන්න. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 17 July 2014 08:52 PM

රුසියානුවන්ට මේවා සුළු දේවල්. (නි)

:       0       0

රජින්ද Thursday, 17 July 2014 09:24 PM

අහෝ දෙවියනි...!!! (නි)

:       0       0

විදානේ Friday, 18 July 2014 08:20 AM

මෙම අනතුර සහ BRICS සමුළුව අතර සම්බන්දයක් තිබිය හැකි බව මගේ පෞද්ගලික අදහස වේ. මෙහි අදහස් පල කරන බොහෝ දෙනාට දුර පෙනීම අඩු බව නම් පැහැදිලිය. (අ)

:       0       0

සෑම් Friday, 18 July 2014 08:30 AM

මේක ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. රුසියානු ආධාර උපකාර ලබන ගරිල්ලන් මේ මිසයිලය ගැසුවා කියන නිසා මුළු ලෝකයම රුසියාවට එරෙහිව නැගී සිටින තැනට කටයුතු යෙදෙනවා. නමුත් මීට පෙර ඇමරිකානු හමුදා මගින් පහරදී බිම හෙලු මගී ගුවන් යානා ගැන දැන් කාටත් අමතකයි. මේ සිද්ධියේදී මියගිය අය අතර ලෝකයේ ඒඩ්ස් රෝගය (එච් අයි වී වයිරසය ) ගැන පරීක්ෂණ පවත්වන ඉහලම විශේසඥයින් කිහිප දෙනෙකුම ඉන්නවා. ඔව්න් මෙල්බෝර්න් නුවර පැවැත්වෙන සමුළුවකට එන අතරමග මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වුණේ.ඒ හැර මේ ගුවන් යානය කේ එල් එම් එකත් එක්ක සමගාමීව ගිය යානයක් නිසා මැලේෂියන් වගේ ප්‍රශ්න තියන ගුවන් සමාගමක් එක්ක ගමන් නොකරන , වැඩි මුදලක් ගෙවා කේ එල් එම් එකෙන් ටිකට් ගත් අය විශාල සංඛ්‍යාවක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණා. (අ)

:       0       0

ශිරෝන් Thursday, 17 July 2014 11:05 PM

බල තණ්හාවේ අරගලයට මැදිවන අහිංසක ජීවිත විනාශ වීම කණගාටුවට කරුණක්. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 17 July 2014 11:52 PM

ඉතාම කණගාටුදායකයි. මෙම අනතුරුදායක ගුවන් මඟ මලයාසියා යානය තෝරා නොගතයුතුව තිබුනා. (නි)

:       0       0

අනුරුද්ධ Saturday, 19 July 2014 02:37 AM

මෙවැනි දේවල් යළි නොවේවා කියන්නත් බැහැ, එහෙම නොකියා ඉන්නත් බැහැ. දෙවියන් වහන්සේටම බාරයි, කිසිදු දෙයක් නොදත් අහිංසක ජිවිත රකින්න (නි)

:       0       0

සුරේෂ් Thursday, 17 July 2014 11:53 PM

මේක ඇත්තක්ද? විශ්වාස කරන්නත් අමාරුයි (නි)

:       0       0

ජෝන් Friday, 18 July 2014 08:44 AM

මේ වගේ දේවල් අහද්දී කළකිරෙනවා. මිනිස් ජීවිත නිකන් නාස්ති වෙනවා. තව ඉදිරියේදී මෙවැනි සිදුවීම් බහුල වෙයි. (නි)

:       0       0

දිසානායක Friday, 18 July 2014 01:02 AM

අහිංසක ජීවිත! (නි)

:       0       0

චන්ද්‍රා Friday, 18 July 2014 01:16 AM

මේ ගුවන් සේවාවට හරිම අපලයක්නේ! මොකද මෙහෙම වෙන්නේ? (නි)

:       0       0

මොහාන් Friday, 18 July 2014 01:20 AM

දැන් මඟී ගුවන් යානා වල ප්‍රතිමිසයිල පද්ධති සවිකරන්න වෙයි (නි)

:       0       0

ඉම්රාන් Friday, 18 July 2014 01:31 AM

දකිනකොටත් බයයි (නි)

:       0       0

ග්‍රාම්‍යා Friday, 18 July 2014 02:17 AM

අනතුර සිදු උන ස්ථානයට ඇති දුරත් මුල් කාලයේ ලැබුණු සාක්ෂිත් එක්ක බලනකොට හිතා ගන්න බැරි දෙයක්. කොහොමත් කුමන්ත්‍රණයක් කියන එක නම් පේනවා. බෙදුම්වාදීන්ට උදවු කරන්නේ කවුද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 18 July 2014 02:41 AM

ඩුබායි තිලක්ට දැන්නම් ඇත්තටම මර බිය හිතේ දරාගෙන තමයි ගුවන් යානයට නගින්න වෙන්නේ..මේ යන්තර කොයි වෙලාවේ බිම පත බෑවෙයිද කවුද දන්නේ. (නදී)

:       0       0

රකිත් Friday, 18 July 2014 03:12 AM

මෙම ගුවන් යානය බිම දමා ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත මිසයිලයකින් නම් තත්ත්වය දරුණු වීමට ඇති ඉඩ කඩ බොහෝයි. මෙම ගුවන් යානය සිය මංගල ගමන ආරම්භ කර ඇති බවට වාර්තා වන්නේ 1997 වසරේ ජුලි 17. අවසන් ගමන ගියේ 2014 ජුලි 17, එනම් වසර 17 කට පසුව. ගුවන් යානයේ අංකය MH17. (නදී)

:       0       0

අනුර Friday, 18 July 2014 03:26 AM

ශානා, නිදාගෙනද නෑගිට්ටෙ. මොනවද කියවන්නේ (නදී)

:       0       0

තිලක් දිසානායක Friday, 18 July 2014 03:30 AM

බල අරගල ජාතිවාදී අරගල මේවා මෙහෙයවන්නන්ගේ වැඩ තමයි මේවා (නදී)

:       0       0

ඩිලාන් Friday, 18 July 2014 03:45 AM

බන්දුලට නම් ඉතින් හීනෙන් හරි නගින්න තියෙන්නේ ගොනුන් බැඳී කරත්තයකට බව මෙතන හැමෝම දන්නවා. (නදී)

:       0       0

ප්‍රියාන් Friday, 18 July 2014 03:49 AM

කලිනුත් කිව්වා බන්දුල පෙරේරා ලිව්වොත් ලියන්නේ මෝඩ අදහස්ම තමයි. එයා කියන විදියට සේරම ගුවන් සේවා නතර කරන්න වෙයි. ඇයි මේවා කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ කියලනේ එයා කියන්නේ. (නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 18 July 2014 03:58 AM

අඩි 33000 ක ඉදල වැටුන නම් මේක විශාල ප්‍රදේශයක පැතිරෙන්න ඕනේ. යානාව පොලවට ලඟින් ගිහින් වගේ. (නදී)

:       0       0

ලක්මාල් Friday, 18 July 2014 04:22 AM

අහෝ කෙදවචකයකි. මෙවන් විපත් යලි නොමවේවා!!! මැලේසියන් යානා වලටම මේවා වෙන්න මොකද කියල සොයා බැලීම වැදගත්. යානයේ නියමුවා සමග කිසිදු කතාබහකින් තොරව මෙවන් දෙයක් කුමන රටකින් කලත් මෙය ගැන ජාත්‍යන්තර මට්ටමෙන් පියවර ගත යුතුමයි. (අ)

:       0       0

අමිල Friday, 18 July 2014 04:36 AM

ශාන් සහ ගම්‍යා මොනවද මේ කියවන්නේ? (නදී)

:       0       0

අප්පු Friday, 18 July 2014 04:45 AM

දැන් ඉතිං අපේ අය කියයි මේ වගේ අනතුරක් වෙනවා කියලා මම කලින්ම කිව්වා කියා (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 18 July 2014 05:45 AM

බල අරගල පවතින රටවල් උඩින් පියාසර නොකර විකල්ප ගුවන් මාර්ග තව කොතරම් තියනවද ? (නදී)

:       0       0

සදුන් Wednesday, 23 July 2014 09:33 AM

මේව මහ සහ ගහන අපරාධ. ඇයි මේවා මානව හිමිකම් කඩවීම් නෙවෙයිද? (නදී)

:       0       0

රත්නසිරි Friday, 18 July 2014 05:53 AM

සිවිල් ගුවන්‍ යානයකට මෙසේ පහර දුන්නා නම් කවුරු කළත් ඉතා නින්දිත ක්‍රියාවක්. මේ පාස්පොට් ටිකවත් ඉතිරි වී ඇත්තේ නොපිලිස්සුනු යානයේ බඳ කොටස නිසාවෙනි. වසරක් තුලදී මැලේසියා යානා දෙකක් විනාශයි. එකක් ආගිය අතක් නෑ. ජීවත අහිමි වු සැමගේ ඥාතින්ට තමයි දුක වේදනාව. මෙවන් අනතුරු නොවේවා මින්මතුවට.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 18 July 2014 06:16 AM

ඩිලාන්, ඔබ හරි (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 18 July 2014 06:17 AM

දැන්නම් ඉතින් ගුවන් යානා මත්තලින් ගොඩබෑවත් අපේ බත් කන අයට කියන්න දේවල් තියෙයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 18 July 2014 06:20 AM

ටිකිරි බණ්ඩා කියපු දෙයක් වැරදිලත් නැහැ.වරදින්න කියලත් නැහැ. (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 17 July 2014 04:42 PM

මෙවැනි වියවුල් තිබෙන අවස්ථාවක,යුක්රේන් අභ්‍යන්තර ඇමතිවරයාට යුතුකමක් තියෙනවා ඒ ගැන ලොවට පෙර දැනුම්දීමක් කරන්න.මෙවැනි අනතුරු සහිත ගමන් මාර්ග වල වෙනස් කිරීමක් හෝ ගමන් වළකින ලෙස කියන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 481 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 223 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 487 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1399 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 832 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 867 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1622 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site