IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘යන්න ඉතින් වන්දනාව මෙන්න අපේ කාරණාව‘

බම්බුව ගහපු ‘යූටර්න්‘ එක ගැන හොට් නිවුස් එක ලැබිච්ච ගමන් ශාස්තර සුමනය එක දිගට බල්ටි කීපයක් ගැසුවේය. අම්මට සිරි ඔය එන්නේ බඩු. ශාස්තර සුමනයට ඉබේම කියැවුණේය.

මං කරපු දෙයක් කවදාවත් වැරදුණේ නෑ. දැන් තමයි එදා අරලිය මැදුරේ ආප්පෙ වැඩ කරන්නේ. ආප්පෙ කන්න දීපු දවසෙම  ඕක හරියට වැඩ කළා නම් එයා යුටර්න් එක ගහන්නෙ එදා. අර තිත් ගෙඩියටත් කැව්වෙ ඔය ජාතියේම ආප්පයක්. ඒක නම් එදාම නියමෙට වැඩ කළා. ඌ සේරම දමල ගහල පහුවදාම ආවා. බම්බුවත් එදා ඔය යුටර්න් එක ගැහුව නම් අපේ බොසා ගොඩ කියල තමන්ටම කියාගෙන ගිය සුමනයා පුරාණ සෘෂිවරයන් ලියපු පොත් පෙරළාගෙන එදා වැඬේ අබිලික් වුණේ ඇයි කියලා පණදාගෙන හෙවුව. එතකොට තමයි අහුවුණේ පොයින්ට් එක.

ආප්ප වෂියේ බලය අඩුවෙන්න මහා ආරක්ෂක බන්ධනයකට විතරයි. ෂුවර් එකටම ‘බම්බුවා‘ ළඟ මහා ආරක්ෂක බන්ධනය තියෙන්න ඇති. දැන් ඉතින්  ඕනෑවටත් වඩා ආරක්ෂාව තියෙන නිසා මහා ආරක්ෂක බන්ධනය අලූත් කරන්නෙ නැතිව සිටීමේ ආප්ප වෂිය නැඟල එනවා. ඒක තමයි යූටර්න් එක පට් පට් ගාලා ආවේ. සාස්තර සුමනය හේතුව සොයා ගත්තේය. සුමනයට මාර ජොලි. ඒත් මේක බොසාට කියන්න විදිහක් නෑනේ. බොසාට මං හරියට නයාට අඳුකොල වගේ. මේව කියන්න ගියොත් වාමදේවයාගෙ භාෂාවෙන් මටත් අහගන්න පුළුවන්. ගිහිල්ල කියන්න ගියොත් හයේ පාරේ පොල් අඩි පාරවල් එක්ක තමයි කියන්න වෙන්නේ. සුමනයා තමන්ටම කියා ගත්තේය. ආව මරු අයිඩියා එකක්. මේක කියන්න  ඕන. අපේ ජෙල්පියාට. ජෙල්පියාට තමයි මේ දවස්වල බොසාගෙ ගල් පිට් එක කියලා  කියපු සුමනයා ජෙල්පියාට ටෙලිපෝන් කළේය. ආයිබෝං ආයිබෝං!! මොකද මේ තවත් මරාලයක් දෙන්නද?  ඕකනෙ කියන්නෙ ඔහෙලත් අපි බයිට් එකට අරන් තියෙන්නේ. බයිට් මගුලක් නෙමෙයි. ඉක්මනට කියනව වැඩ තියෙනවා. ජෙල්පියා කීවේය. සාස්තර සුමනය පුල්ස්ටෝරිය හෝල්සේල් එකේම දිග ඇරියේය.

ඉතිං  ඕක කියනවකො බොසාට. ජෙල්පියා කීවේය. බුදු අම්මෝ  ඕක කියනවට වැඩිය හොඳයි බෙල්ලෙ ගලක් බැඳගෙන දියවන්නාවට පනින එක. සුමනයා කීය.

හරි හරි මං බොස්ට ස්ටෝරිය දෙන්නම් කියු ජෙල්පියා ටැලිපෝන් එක තිබ්බේය. ගැන්සිය රෝද හතරේ පෙළපාළියකින් බොසාලගෙ ගෙදර යන දවස. ජෙල්පියා පුල් රෙඩිවෙලා හයිබි‍්‍රඩ් එකට නැග්ගා. දැන් ගැන්සියම බොසාලගෙ ගෙදරට යන විට බොසා හාන්සි පුටුවට වී පුල් රිලැක්ස් පිට ආතල් එකේ සින්දු පාරක් දාගෙනය.

‘යන්න ඉතින් වන්දනාව

මෙන්න අපේ කාරණාව

මම සුදානම් දැන් ළමයෝ

මම සුදානම් දැන් ළමයෝ

රට වටේ පන්සල් ටික

හොඳ හැටි වැද ගත්තා

ඒ අතරෙම සෙනග ඇවිත්

මාව බදාගත්තා

ගිය ගිය තැන් හැම තැනදිම

ලකුණු දමා ගත්තා

සිරාගෙ ගම්මැද්දෙදි නම්

කළු කොඩි දාගත්තා

යන්න ඉතින් වන්දනාව

මෙන්න අපේ කාරණාව

සැරට හිටිය සිරා ඉතින්

කොටි පැටියෙක් ගානේ

සද්දෙ වහල දැන් යන්තම්

ඥාව් කියන ගානේ

මට පර්මිට් දුන්න නිසා

ගිනි පුපුරක් ගානේ

පැන්නලූ ඇනිබල් සිරාට

වැළහින්නක් වාගේ

යන්න ඉතින් වන්දනාව

මෙන්න අපේ කාරණාව

ජෙල්පියාල ජින් පප්පල නිදි මර මර සටනේ

දිනිල්ල නම් ලේසි නැතේ මේ වාගේ ඡන්ද අනේ

ගැස්සුනහොත් අපි ඉවරයි මේ ගලඋඩ සටනේ

අපිට පුතේ මගක් නැතේ ඉන්පසු මේ දෙරණේ‘

අම්මට සිරි ආතල් සින්දු පාරක් නේ. ජෙල්පියා ‘ස්ටේ‍්‍රට් පෝවඩ්‘ එකේම බොසාට කීය. ගැන්සියම බොසා ළඟට පැමිණ පුල් භක්ති බොස් කියා දෙකට නැවී ආචාර කළේය.

ගැන්සියටම ආයිබෝං කිව්ව බොස් හාන්සි පුටුවෙන් නැගිට්ටේය.

මම නම් හිතුවෙ නෑ සිරා මේ වගේ බෝතල් අඩියෙ ගානට වැටෙයි කියලා. මම ප්ලෑන් කළේ ‘පේස්ටු පේස්‘ සීරියස් ගේමක්. අන්තිමේදි මේක බණ්ඩක්කා ගේමක් සෙවල ගේමක්. මට  ඕන වුනේම ටෙන්ට් එක ඇතුළට ඔළුව දාගන්න එක. ඊට පස්සෙ ඇඟ ටෙන්ට් එක ඇතුළට ගන්න මං දන්නවා. මං අවුරුදු 40 ක් පොල් ගෑවේ නෑ. මං හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. බොසා හයිමොරාල් එකෙන් කීවේය.

ඔය පුලතිසි හාදයා අර ලක්ෂ 62 කට හොම්බට ඇනපු ඇනිල්ල තමයි මාත් කල්පනා කරන්නේ. මොකද පෙර කලින් හිටියෙම නෙගටිව් එකේ. එක පාරටම පට්ගාලා පොසිටිව් මොකක් හරි අන්ඩර් ග‍්‍රවුන්ඞ් ගේමක් සෙට් කරලද දන්නෙ නෑ. වාමදේවයා කීය. සුවර් එකටම වාම දේවයගේ පාරිසරික වචන සෙට් එකට පොර බයවුනාද දන්නෙ නෑ කියලා කිව්වෙ වෙලේ කුමාරයා.

ඇම්ඩන්ලත් ඉන්න නිසා අන්ඩර් ග‍්‍රවුන්ඞ් ගේමක්ද දන්නෙත් නෑ. කෝකටත් ඇහැගහගෙන ඉන්න  ඕන. පුල් ඇලට් එකේ රුපියල් සීයේ කණ්ණාඩියාත් හොට දැම්මේය.

හැබැයි පුතෝ මේ පාර වැඩේ ලේසිම නෑ. පුල් බැහැලම වැඩ කරන්න වෙයි. අපිට ඇටෑක් කරන ගෲප් මෙදා පාර වැඩියි. එක පැත්තකින් ඇම්ඩන්ලා අනික් පැත්තෙන් ජෙප්පො. ඔවුන් සේරම ඇටෑක් කරන්නෙ අපිට. මේ පාරත්  ඕකුන් දුන්නේ හොර කේස් තමයි. ඒවා කවුන්ට් කරන්න  ඕනේ. දැන් කලින් වතාවෙ වගේ නෙමෙයි. උන් ළඟ ලියුම් ටිකත් තියෙවනේ. අනිත් කාරණය තමයි මෙදා පාර සමෘද්ධිකාරයෝ ටික උස්සන්න බෑ. ආණ්ඩුවෙ වැඩ කරන එවුන්ව මළාට ගෙන්න ගන්න හම්බ වෙන්නෙ නෑ. උන් පරාණ බයයි බස් නෑ පෝස්ටර් කටවුට් වුනත් අපේ කාලේ වගේ හිතේ හැටියට ගහන්න බෑ. එකක් ගහනකොටම ඒක උඩින් තව එකක් අලවන්න කස්ටිය ඕනෑ අන්න ගම්පහ ඒ වැඩේ වෙනවා. අලි අලිත් කෙළගන්නවා. වාහන ප‍්‍රශ්නත් තියෙනවා. ඊළඟ මීඩියා එක. මේව බලනකොට ගේම උස්සනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා හැමෝම බොක්කෙන් වැඩ කළොත් ගොඩ. නැත්නම් පුතෝ සුන් තමයි. ඉතින් බොසා ගැන්සියට උපදෙස් මාලාවක් දුන්නේය.

ඒක නෙමේ බොස් සාස්තර සුමනයා අද උදේ මට කෝල් එකක් දුන්නා. ජෙල්පියා ටෝක් එකට මුල පිරුවේය. ඌ මොනවද කියන්නේ බොසා ජෙල්පියාගෙන් ඇසීය. ජෙල්පියා සාස්තර සුමනයා දිග ඇරපු පරණ ස්ටෝරිය බොසාට කීවේය.

 ඕක ඒ කාලේ මට වෙලාවල් හදලා ප‍්‍රසිද්ධ වුණා. පස්සේ ඌ මගෙ නම විකුණගෙන කොච්චරවත් ගතම් හෙව්වද? ඔහේ හිටියට කමක් නෑ කියලා. මගේ වැඬේ කරනවනෙ කියලා මම හිතුවා. අන්තිමට ඌ ලාබ ප‍්‍රයෝජන අරගෙන මට කෙලවලම ඇරියා. බොස් කීවේ පුල් ඔරොප්පු පිටය. ඌ කියනවනෙ බොස්ට පරදිනව කියල කිව්වෙ නැත්තෙ බයට කියලා. ජෙල්පියා හරස් ටෝක් එකක් දැම්මේය. පිස්සු පීකුදු තමයි. මට කියන්න බය නම් අපෙ ගැන්සියෙ කාට හරි කියන්න තිබුණනෙ. මෙහෙම දෙයක් වෙනව කරන්න එපා කියලා. බොසා කීය. ශාස්තර සුමනය කියන්නෙ ආප්ප වෂිය හරියට වැඩ කළේ නැත්තෙ පුලතිසියා ළඟ තිබුණු මහ ආරක්ෂක බන්ධනය නිසා කියලා. දැන් ඒක එක්ස්පයර් වෙලා හින්දා සුමනයගෙ ආප්ප වෂිය දැන් වැඩ කරන්නට පටන් ගෙන කියලානෙ ජෙල්පියා සුමනයා වෙනුවෙන් ටෝක් පාරක් දැම්මේය.

ඕකේ ඇත්තකුත් තියෙන්න පුළුවන් කියලා මටත් හිතෙනවා. එදා සුමනය ආප්ප වසීය ජීවන් කරවල ගෙනල්ල  ආප්ප මුට්ටියට දාලා කලවං කරල බම්බුවාට දුන්නේ එක තැන නටන්න. නමුත් ඒක කෙරුනෙ නෑ. ඒකනෙ මේ ඔක්කොම ප‍්‍රශ්න. දැන් ආප්ප වසීය අනිත් පැත්තට කැරකිලා. පොර තමයි මා ඉස්සරහට තල්ලූ කරන්නේ. බලාගෙන ගියාම සුමනයගෙ ආප්ප වසීය නරක නෑ. මාස 6 කට පස්සේ නියමෙට වැඩ කරනව. නැත්නම් ඇනිබල්ල ඇම්ඩන්ල එක්ක ලේසි නෑ. වසීය කොච්චර බලගතුද කියනව නම් බම්බුවට සපෝට් එක දීපු එකෙක්වත් සතේකට මායිම් කරන්නෙ නැත්තෙ ආප්ප වෂිය බලය නිසා වෙන්ට පුළුවන්. බොසා කීවේය.

සාස්තර සුමනයා ආයි කතා කළොත් බය නැතිව ඇවිත් මාව මීට් වෙන්න කියන්න කියලා බොසා ජෙල්පියාට කීය. එහෙනම් ගැන්සියට ගිහින් දැන් වැඩ පටන් ගන්න තවම බඩු බනිස් වෙලා නෑ. බඩු බනිස් වෙන්නෙ නැත්නම් ගේමට ගේම කියලා ගැන්සියට පුල් ඇලට් එකේ ඉන්න කියූ බොසා ගැන්සියටම දිවා භෝජනය දුන්නේය.



අදහස් (0)

‘යන්න ඉතින් වන්දනාව මෙන්න අපේ කාරණාව‘

ෆෙරෝස් Friday, 10 July 2015 10:35 AM

බඩු බනිස් වෙන්නේ ලබන මාසේ 17 වෙනිදා බොසා. එතකන් ඔයත් කකුළුවා වගේ නට නට ඉන්නකෝ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site