කොළඹ දී ලබන අගෝස්තු 25 වැනිදා ආරම්භ වන අට වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියට සුභපතන්නන්ගෙන් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරශ‍්‍රය අසලින් ආරම්භ විය.
දේශීය දැල්පන්දු ක‍්‍රීඩාව සඳහා ඉදිරි වසර පහක් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටින මහජන බැංකුවේ අනුග‍්‍රහයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරෙන අතර මේ සඳහා දැවැන්ත දැල්පන්දුවක් සවිකළ රථයක් රට පුරා චාරිකා කිරීම දැන් ආරම්භ කර තිබේ.
කොටුව මහජන බැංකු මූල්‍යායතනය අසල දී මෙම අත්සන් තැබීම සිදු කෙරිණි. මෙම වැඩසටහන ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එදින ආරම්භ වූ අතර එම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අයතනික බැංකු කටයුතු) චාන්දනී වේරපිටිය, නියෝජ්‍ය සාමන්‍යාධිකාරී (මෙහෙයුම්-1) ඊ.ඊ.සී. ආරියරත්න, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩිකා ගයත‍්‍රි ලංකාතිලක යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට සහභාගි වූහ. මහජන බැංකුවේ වනිතා වාසනා ගිණුමේ අනුග‍්‍රහයෙන් ආසියානු දැල්පන්දු ශූරතාවලිය කොළඹ දී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යෝධ දැල්පන්දුවට අස්සන් ගන්නට රට පුරා චාරිකාවක්
ඩයස් Monday, 06 August 2012 12:04 PM
අදහස නම් පංකාදුයි. (නි)
වරුණ Monday, 06 August 2012 02:52 PM
පෙත්සමක්ද (දී)