
(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)
නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍ය කර්මයකින් ඉවත් කළහ.
යුදහමුදා රෝහලේ ජන්‍ය මුහුත්‍ර ලිංගික ඒකකයේ ප්‍රධානී මෞත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ.සුතාර්ෂන් කපිතාන් වෛද්‍ය ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙම ශළ්‍ය කර්මයට එක් වූහ.
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යු.ඒ.එල්.ඩී. පෙරේරා, සහ කර්නල් සි.එස්. අබේසිංහ යන මහත්වරු සහාය ලබාදුන්හ.
වකුගඩුවෙන් ඉවත් කළ මෙම ගලෙහි දිග සෙන්ටි මීටර් 13.372කි. එහි බර ග්‍රෑම් 801කි. දැනට ගිනස් වාර්තාවට අනුව දිගින්වැඩිම කළ 2004 දී ඉන්දියාවේ රෝහලකදී ශල්‍ය කර්මයකින් ඉවත් කර ඇති අතර බරින් වැඩිම ගල ග්‍රෑම් 620ක වූ ගලක් 2008දී පාකිස්තානයේ ඉවත් කර ඇත.







2025 දෙසැම්බර් මස 16
65
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
861
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට යති
Sampath Wednesday, 14 June 2023 05:06 PM
ඔය ගල ඔහොම අල්ලන්න හොඳයිද? ඒකත් අර ලොකුම මැණික්ගල වගේද දන්නේ නැහැ.
Bamunuarachchi gy Wednesday, 14 June 2023 07:56 PM
වකුගඩුවේ මෙතරම් විසාල ගලක් නිෂ්පාදනය කරපු පුද්ගලයාත් ගිනස් පොතට යායුතුයි කියා සිතෙන්නේ මට විතරද?
prasanna Wednesday, 14 June 2023 08:12 PM
අපිට ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ රණවිරු සුව විරුවෝ ගැන.අපේ උත්තමාචාරය
Kasun Thursday, 15 June 2023 09:34 AM
හරිනම් ගිනස් පොතට යන්න ඔනි රෝගියවයි. මෙච්චර ලොකු ගලක් තියන් හිටියට. අනික ගලක් මෙච්චර ලොකු වෙනකන් මෙක අහු උනේ නැද්ද? කිකිළියෙක් ලොකු බිත්තරයක් දැම්මම වාර්තාවට යන්නෙ බිත්තරේ ඇහින්ද කෙනා නෙවේනෙ. ළොකු මැනිකක් හම්බු උනාම පතල හාරපු කෙනා නෙවේ