IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යුද හමුදාවේ 73 සංවත්සරයට 7500කට උසස් වීම්

(ඉන්දිකා  රාමනායක)

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව  යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම්  ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය  මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි මෙම  උසස්වීම් ලබාදී ඇති බව හෙතෙම කීය. 

යුද හමුදාවේ 73  වන සංවත්සරය සහ යුධ හමුදා දිනය අද (10) දිනට යෙදී තිබිණි.

උසස්වීම් ලද මෙම පිරිස අතර නිලධාරීන් 372 දෙදෙනෙකුත් සහ සෙසු නිලයන් 7127 පිරිසක් සිටින බව යුද හමුදා ප්‍රකාශකවරයා කීය..

 උසස්වීම්  ලද  නිලධාරීන්  අතර  යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්,, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු මේජර් නිලයත්, ලුතිතන් නිලයේ නිලධාරීන් 63 දෙනෙකු කපිතන් නිලයටත්, සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 93 දෙනෙකු ලුතිතන් නිලයටත් වශයෙන් මෙම උසස් වීම් සිදු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය



අදහස් (2)

යුද හමුදාවේ 73 සංවත්සරයට 7500කට උසස් වීම්

Rexi Monday, 10 October 2022 02:39 PM

හමුදාවේ කට්ටියට උසස්වීම් අගය කරමි. හැබැයි පින් අගමැති, ජනාධිපත් ඕකෙන් ක්‍රෙඩිට් ගන්න යන්නේ..

:       0       2

lankapuththra abhimaan Monday, 10 October 2022 08:01 PM

ඉක්මණටම උසස්වීම් දෙන්නකෝ.. එයාලා ඊළඟට ජනතාවගේ අතපය කඩන්න කම්මැලි වෙන්නේ නෑනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site