යුද හමුදා ක‍්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් ‘ඒ’ කාණ්ඩය දක්වා උසස්වීම් ලැබීය. මංජුල ද සොයිසාගේ නායකත්වයෙන් යුත් යුද හමුදා පිල අපරාජිතව ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්විය.
මෙහිදී යුද හමුදා පිල හමුවේ කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජ වන සී. සී. සී. සහ බී. ආර්. සී. යන කණ්ඩායම් පසු බැස තිබීම කැපී පෙනෙයි.
යුද හමුදා පිල මෙවර තරග නවයේදී ජයග‍්‍රහණ 7 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 131.63 ක් හිමිකර ගත්තේය. අනු ශූරයන් වූ නාවික හමුදා පිල තරග නවයේදී ජයග‍්‍රහණ 3 ක්, පරාජ තුනක් සමගින් ප‍්‍රසාද ලකුණු 95.325 ක් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් සහ පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න යුද හමුදා පිල නියෝජනය කරති.
සීකුගේ ප‍්‍රසන්න මෙවර තරගාවලියේ තරග 5 කදී කඩුලූ 50 ක් දවාගෙන තිබේ. අසේල ගුණරත්න මෙවර යුද හමුදා පිල වෙනුවෙන් තරග 9 කදී ලකුණු 596 ක් රැස්කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාව පළමු පෙළ ක‍්‍රිකට් ‘ඒ’ කාණ්ඩයට උසස්වීම් ලබයි