වසර 23 කට පමණ පෙර උතුරු සටන් බිමේදී දිවි පිදූ අසහාය සෙබළ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණානුස්මරණය ලබන අගෝස්තු 8 වැනි දින අනුරාධපුර රෝහල් වටරවුමේදී පැවැත්වීමට නියමිතය.
යුද්ධයටද නිවැරදි නායකත්වය දෙමින් උතුරු වැසියන්ගේ සිත්ද දිනා ගනිමින් ජනප්‍රිය පුද්ගලයකුවූ කොබ්බෑකඩුව මහතා යාපන අරාලි තුඩුවේදී 1992 අගෝස්තු 8 වැනිදා පෙරවරු 10.08 ට පමණ දැයෙන් සමුගත්තේ තවත් රණවිරුවන් කිහිප දෙනකුද සමගය.
අනුරාධපුර ලංකාරාමයේදී සාංඝික දානයක්ද තන්තිරිමලේ අඩු ආදායම් පවුල් සඳහා ආහාර ද්‍රව්‍යයද බෙදා දෙන මේ පිංකම ලලී කොබ්බෑකඩුව මහත්මියගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද විරු කොබ්බෑකඩුව සමරයි
දිනිති Thursday, 30 July 2015 09:28 AM
එ්කෙනුත් දේශපාලන වාසි ගන්න මාන බලන අය ඉන්නවා. ඒ කුනුගොඩට ඒ වීරයා දාන්න නම් එපා. (නදී)
මනෝරි Friday, 31 July 2015 04:43 AM
කොහේ පටන් ගත්තත් මැක්කාගෙන් කෙලවර වෙන අය මේකෙනුත් දේශපාලන වාසි ගන්න තමයි බලන්නේ. විජය විමලරත්න, ජානක පෙරේරා යන අයගේ සේවයත් අගය කල යුතුයි. (නදී)
අබරන් Saturday, 01 August 2015 04:48 AM
මම කොබ්බෑකඩුව විරුවා ගැන ලියූ දේ මේ ගොල්ල පල කරන්නේ නෑ.(නදී)
විජයබාහු Thursday, 30 July 2015 08:37 AM
එතුමාට ලැබිය යුතු දේශපාලන නායකත්වය හරියට ලැබුණා නම් මේ රට නිදහස් වෙන්නේ ගොඩක් කලින්.(ම)
දුමින්ද Thursday, 30 July 2015 08:39 AM
යකඩින්-රුධිරයෙන් රැකගත් මව්බිම ප්‍රත්පත්ති ප්‍රකාශනවලින් පාවා නොදී රැකගත යුතුය (ම)
වැකෝ Thursday, 30 July 2015 08:43 AM
ජෙනරාල් විජේ විමලරත්න ඇතුළු අනිත් අය සිහි කරන්නේ නැද්ද ? (ම)
ධම්ම Thursday, 30 July 2015 08:43 AM
දේශපාලන නායකත්වයේ දුර්වලතාවය නිසා මියගිය විරුවාණනි, ඔබට නිවන් සුව. (ම)
ට්‍රිකල් Thursday, 30 July 2015 08:56 AM
අභීත සෙන්පතිට නිවන්සුව පතමි! (ම)
මා.උපරතන හිමි. Thursday, 30 July 2015 04:08 PM
වීර සෙන්පතියානෙනි ඔබට නිවන්සුව පතමි .(නදී)