
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීම සඳහා තානාපති කාර්යාල වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
“මැදපෙරදිග කලාපයේ ඇතිවි තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ ඊශ්‍රායලයේ හා ඉරානයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශය විදියට මේකට අවශ්‍ය මැදිහත්වීම කරනවා. අපි දෙරටේම තියෙන තානාපති කාර්යාල සමග සෘජු සම්බන්ධතා පවත්වගෙන යනවා. මේ මොහොතේ අපි ප්‍රමුඛත්වය ලබාදීලා තිබෙන්නේ අපේ රටේ පුරවැසියො කිසිම කරදරයක් නැතුව ආරක්ෂා කරගන්න එකට. ඊට අදාළව අපි තානාපති කාර්යාල නිළධාරීන් හරහා අවශ්‍ය මැදිහත්වීම කරගෙන යනවා.
අපි දෙරටේම සිටින ශ්‍රි ලාංකිකයින්ට අවශ්‍ය ඕනෑම වේලාවක තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙන්න විශේෂ දුරකථන අංක ඒ සඳහා හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ඊට කිසියම් තාක්ෂණික බාධාවක් තිබෙනවා නම් අපිත් එක්ක සෘජුවම සම්බන්ධ වෙන්න. අපේ මූලිකම පරමාර්ථය අපේ ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව. ඊට අපි රජයක් විදිහටත් අමාත්‍යාංශයක් විදිහටත් අවශ්‍ය මැදිහත්වීම කරනවා.
මේ වෙලාවේ අපි කියන්නේ ශ්‍රී ලාංකිකයින්ට තමන් ඉන්න රටේ ආරක්ෂක අංශ කියන මාර්ගෝපදේශ අනුව, අදාළ රටවල නීතිරීතිවලට අනුව මේ මොහොතේ කටයුතු කරන්න.” ද යනුවෙන් ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද රටවල සිටින ලාංකිකයන් ගැන රජය හොඳ අවධානෙන් ඉන්නවා
බකල ජයා Tuesday, 17 June 2025 02:15 PM
මළත් අවදානෙන් ඉන්න එකනම් හොඳම හොඳයි.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 17 June 2025 04:16 PM
ඔයාලා ඔහොම ඉන්න. අන්න ඉන්දියාව මේ වෙනකොට සිය රට වැසියන් ඒ රටවල් වලින් ඉවත් කරමින් ඉන්නවා .විශේෂයෙන් ටෙහෙරාන් අග නුවරින්.