IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුද ආබාධිතයන්ට ත්‍රීරෝද

යුද වැදි පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් 28 දෙනකුට පහසු ගෙවීමේ ක්‍රමය මත ත්‍රීරෝද රථ ලබා දීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරිය අද (20) කොළඹ මහවැලි කේන්ද්‍රයේදි පැවැත්වණි.

අධිකාරියේ සභාපතිනි පද්මා වෑත්තෑව මහත්මිය ත්‍රීරෝද බෙදා දුන්නාය. අධිකාරිය ත්‍රීරෝද රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් ලබා දුන් බවත් ඉදිරියේදි ආබාධිත රණවිරුවන්ට තවත් සහන සැලසීමට කටයුතු කරන බවත් සභාපතිනිය කීවාය.

 

 



අදහස් (0)

යුද ආබාධිතයන්ට ත්‍රීරෝද

දිල්රුක්, දෝහා,කටාර් Friday, 21 June 2013 12:11 PM

බොහෝම පින් ඇති උතුම් ක්‍රියාවක් .(නදී)

:       0       0

අනුරාධ. Thursday, 20 June 2013 11:59 PM

ජාතියේ මුර දේවතාවුන් බඳු වූ මේ වීරෝධාර පුතුන් ආබාධිත තත්වයට පත්වුණේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ නිදහස වෙනුවෙන්.ජීවිතය කැපකලේ අපේ රට වෙනුවෙන්. සමස්ත ශ්‍රී ලාංකිකයන්ම මේ විරුවන්ට ණය ගැතියි.එම නිසා ගෙවීමේ ක්‍රමයට ත්‍රීරෝද රථ ලබාදී ඒ විරුවන්ට අමතර බරක් පැටවීම නුසුදුසුයි. මේ විරුවන්ට තීරුබදු රහිත වාහනයක් නොමිලේ ලබාදීම යුතුකමක් සේම වගකීමක්.මෙය ක්‍රමවත්ව ප්‍රසිද්ධියට පත්කලොත් කළගුණ දන්නා අපේ රටේත් විදෙස්ගත ශ්‍රී ලාංකික කාරුණික පින්වතුනුත් ආධාර උපකාර කරනවා නොඅනුමානයි.මේ කාර්‍ය සද්භාවයෙන් ආරම්භ කරමු.අපට ජීවිතය දෙන්නට ජීවිතය කැපකළ මේ විරුවන්ව අපි ජීවත්කරවමු.සැමට ශ්‍රී දළදා සමිදුන්ගේ පිහිටයි! (නි)

:       0       0

කුමාරි Friday, 21 June 2013 12:27 PM

මේ අපි කාගෙත් සහෝදරයෝ. මේ සත්ක්‍රියාවෙන් ඔවුන්ට ලොකු මානසික සැනසීමක් ලැබෙනවා (නි)

:       0       0

පෙරේරා Friday, 21 June 2013 12:39 PM

ඉතා හොද වැඩක්. නමුත් ත්‍රී විල් අනතුරුදායක වාහනයක්. බැරිද කාර් (බැටරි කාර්) වගේ එකක් දෙන්න. ආරක්ෂාව, වගේම තෙල් වියදමක් නැහැනේ. (නි)

:       0       0

කුමාරසේන Friday, 21 June 2013 08:16 AM

බොහොම හොද වැඩක්......! (නි)

:       0       0

සිරි Thursday, 20 June 2013 09:47 PM

උතුම් සංකල්පයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site