IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යුද්ධ කළ නැව් බලන්න ජනපති යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය. ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය.

1967 ඊශ්‍රායල - අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් වසර 10ක් කොළඹ වරායේ මෙහෙයුම් නැවතුණු ආකාරය ද  සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා සුවස් ඇළ සහ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය වෙනුවෙන් ත්‍රිකුණාමලය  නාවික හමුදා කඳවුරේදී අද (01)  පැවති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාවික හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට ජනාධිපති වරණ ප්‍රදානය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය හා අනෙකුත් යුද නෞකා මඟින් මහ සයුරේ සිදු කළ විචිත්‍රවත් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය. 

මේ අතර ඩ්‍රෝරා යාත්‍රාවක නැඟ මුහුදේ නැංගුරම්ලා තිබූ ක්‍රියාන්විතයන්ට එක් වූ නෞකා නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් වූ අතර යාත්‍රා බලඝණ තොටුපොළේ තිබූ නෞකා ද නිරීක්ෂණය කළේය. 



අදහස් (3)

යුද්ධ කළ නැව් බලන්න ජනපති යයි

Aitha Friday, 01 March 2024 04:55 PM

රට වටකර බැඳ ඇති රන් වැට, හැබැයි කුඩු නම් එනවා කිසිම බාධාවකින් තොරව රට ඇතුළට, පොඩ්ඩක් ඔය වැඩකට නැතිව රවුම් ගහන වෙලේ ඒකත් හොයලා බැලුවොත් නරකද?

:       1       2

chandima Saturday, 02 March 2024 05:16 AM

ඒ කාලේ නැව් දැකලා නෑනේ... පිටරටවල් වලමනේ උන්නේ... දැන් යුද්ධය නැති නිසා ගිහින් බලාගත්තු එක හොඳයි.

:       1       5

kotiya Saturday, 02 March 2024 07:03 AM

ඔය එක්ක යන ගමන් නැව පොඩ්ඩක් පද්දලා මෙයාව මුහුදට දාලා ආවා නම් මක් වෙනවැයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site