IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුද්ධයේ ඇත්ත තතු හෙළි කරන වාර් තාවක් ජනපතිට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමට සකස් කළ විශේෂ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය.

ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළු වාරයකදීම ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන බවත්, එයට පිළියමක් ලෙස සහ යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දීම අරමුණින් අදාළ වාර්තාව සකස් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 සරත් වීරසේකර මහතා මේ බව කීවේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පසුගිය වසර 10 ඇතුලත පමණක් පුද්ගලයන් 27,000ක් මාර්ග අනතුරු වලින් මියගොස් තිබෙන අතර තිස් වසරක යුද්ධයෙන් මියගියේ 29,000ක් පමණක් බවද සරත් වීරසේකර මහතා පැවසීය.



අදහස් (11)

යුද්ධයේ ඇත්ත තතු හෙළි කරන වාර් තාවක් ජනපතිට

uveen Thursday, 12 October 2023 08:20 PM

සරත් වීරසේකර බබාට දැන් මාර්ග අනතුරු ගැන පාඩම් කරනවා වගේ. 9/11 ප්‍රහාරය මිනිස්සු 3,000ක් මැරුණා. අවුලක් නෑ. ඇමෙරිකාවේ වාහන අනතුරු වලින් 40,000ක් මැරෙනවා නේ කිව්වද? හෙට මිනිහා කියයි පාස්කු ප්‍රහාරය ගැනත් ඔය වගේ බලු කතාවක්...

:       3       5

Sampath Thursday, 12 October 2023 08:45 PM

දැන් මේ වාර්තාව හදන අයට ඒ සම්බන්ධව තියන අත්දැකීම් සහ පලපුරුද්ද, සුදුසුකම් කියන්නේ නැතිනම් තවත් ප්‍රලාප පිරුණු කඩදාසියක් විතරයි.

:       0       5

Sam Gamage Thursday, 12 October 2023 08:46 PM

යුද්ධයේදී ක්‍රියාන්විතයේ ඉදිරිපෙළ පළාතකවත් නොසිටි කෙනෙක් යුද්ධය පිළිබඳ වාර්තාවක් කිරීම අමු විහිළුවක්... මොවුන් යුද්ධයට පස්සේ ලිපි ලිව්වා මිසක් නියම වීරයින් ගැන කිසි සඳහනක් කළේ නැහැ. මේවා ජනාධිපතිටම හොඳයි.

:       0       6

Asanka Thursday, 12 October 2023 08:49 PM

අනේ, එතකොට අද වෙනකන් අපි දැක්කේ යුද්ධයේ වෙනස් පැතිකඩ...

:       0       3

C.K.Lankaputhra Thursday, 12 October 2023 09:14 PM

ඔය කියන්න හදන්නේ සරත් වීරසේකර මහත්තයාගේ දක්ෂකම හා උපදෙස් නිසා ‍‍යුද්දේ කරපු නිසා ඒ තරම් අඩු ගාණකට ජීවිත නැති වුණා කියලාද? පාස්කු ප්‍රහරයේ මහමොලකරු පත්කර ගත්තා කිව්ව කෙනානේ ඔය... අනේ මගේ කට...! 

:       0       6

Rata Perata Thursday, 12 October 2023 09:36 PM

මෙයාගේ වාර්තා උඩින්ම පිළිගනීවි. අපි නොදන්න සරත්...!

:       0       5

CHANDIMA Thursday, 12 October 2023 11:34 PM

අනේ මුකුත් නොදන්න බබෙක්ද මේ... අපේ ජනාධිපතිතුමා වෙලා ඉන්නේ...? මොනවද රටින් එවන්න ඕනෑ වුවමනා මේ පාර උපන් දිනයට...? නැපියක්ද? සූප්පුවක්ද? එහෙමත් නැතිනම් අන්දනකොට හොලවන සිබිලියෙක්ද? 

:       0       5

Lalla Friday, 13 October 2023 06:48 AM

මේ උද්ධච්ච පුද්ගලයා මොනව කිව්වත් කතාව යුද්ධය විකුණාගෙන කන එක. අප්‍රිය ජුගුප්සාජනක චරිතයක්.

:       0       5

Nimal Friday, 13 October 2023 06:52 AM

මෙයා හැදූ වාර්තාවක් නම් අහන්න දෙයක් නැහැ .මුල ඉඳලා අගටම බේගල්

:       0       4

Wimalcrc Friday, 13 October 2023 09:36 AM

තොප්පිගල කැලේ එක්ක මොකටද යුද්ධය කලේ කියලා එතුමා අසාවි...? ඔබතුමා ඒක තමා මාත් කියන්නේ කියන්නද හදන්නේ...?

:       0       3

සච්න්ත Friday, 13 October 2023 10:22 AM

සාමාන්‍ය ගණනක් හැටියට බැලුවම යුද්ධයෙන් මියගියේ වසරකට 967 දෙනෙක් වෙද්දී මාර්ග අනතුරු වලින් වසරකට 2700 ක් වෙලා තියෙනවා ඇත්තටම වැඩි අන්තුරු ප්‍රමාණයක් වෙලා තියෙන්නෙ යතුරු පැදි හා ත්‍රීවීලර් වලින් වෙන්න පුළුවන් සිග්සැග් ක්‍රමයට යන යතුරු පැදි හා වමෙන් ඉස්සර කරන ත්‍රීවීලර් ඉතාමත් භයානකයි එහෙම වුනත් ට්‍රැෆික් මහත්වරු බොහෝවිට බලන්නෙ එක් පළාතකින් වෙනත් පළාතකට ගිය වාහන වල වරදක් තමයි සමහරක් මහත්වරු අහන්නෙ ගෙවල් කොහේද කියලා තමයි අහල පහල නම් දඩ කොලත් නැහැ මොකුත්ම නැතුව යන්න කියනවා මම කිව්වෙ මම දැක්ක දෙයක් තමයි එහෙම වුනාම අනතුරු නැතුව ඇතිනේද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site