( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ජාතික පාසලේ සිසුවෙකු යතුරුපැදියකින් යමින් සිටියදී බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටී අද (22) මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ පදිංචි බණ්ඩාරගම ජාතික පාසලේ ශිෂ්‍ය බට කෝප්‍රල් වරයකු හා නැටුම් කණ්ඩායමේ මෙන්ම විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රියාකාරී මෙන්ම දීප්තිමත් සිසුවෙකු ලෙස කටයුතු කළ විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ලෝචන ලුක්ෂාන් නමැති 17 හැවිරිදි සිසුවාය.
අනතුරින් මියගිය සිසුවා අද (22) මිතුරෙකු සමග යතුරුපැදි දෙකකින් මිතුරෙකු සමග බණ්ඩාරගම කොතලාවල උයන් වත්ත වැව මාර්ගයේ ගොස් තිබූ බව මිතුරාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
එසේ යන අතුරුදී මිය ගිය සිසුවා තනි රෝදයෙන් යතුරුපැදියෙන් ගමන් කර ඇති බවට එම ප්‍රකාශයෙන්ද වැඩිදුරටත් අනාවරණය වී ඇත.
අනතුරුව නැවත බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයට පැමිණීමේදී මිය ගිය සිසුවා වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර එලෙස ධාවනය නොකරන ලෙස මිතුරා ඔහුට පවසා ඇති අතර එය ගණන් නොගත් මියගිය සිසුවා යතුරුපැදිය වේගයෙන් පැදවීමේදී ලිස්සා ගොස් පානදුර සිට හොරට ධාවනය වෙමින් තිබූ ලංකම බස් රථයේ පිටුපස පාපූරුවේ ගැටී අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලද සිසුවා. බණ්ඩාරගම දිසාරෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී හොරණ මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යතුරුපැදි බස් අනතුරින් සිසුවා මරුට
Prabash Wednesday, 22 October 2025 02:23 PM
මෑතක ඉඳලා අවුරුදු 17න් තාවකාලික රියැදුරු බලපත් දීලා ළමයින්ව තනියම පාරට දාන එක ගැන තව ටිකක් හිතනවා නම් හොඳයි. මිය ගිය දරුවාට නිවන් සුව...