(කේ බුද්ධික කුමාරසිරි)
මීපේ - ඉංගිරිය මාර්ගයේ පිටුම්පේ පිංතාලිය අසලදී යතුරු පැදියක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් තරැණයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි
පාදුක්ක පිටුම්පේ පිංතාලිය අසල මාර්ගය අයිනේ යතුරු පැදිය නවත්වාගෙන සිටියදී ඉංගිරිය දෙස සිට පැමිණි කුඩා ලොරි රථය යතුරු පැදියේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ යතුරු පැදියෙහි පැදිකරු තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන නාවික හමුදාවේ සේවයේ නියුත්ව සිටි 31 හැවිරිදි එක්දරු පියෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරැ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යතුරු පැදි - ලොරි අනතුරින් නාවික සෙබළකු මරුට