IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යතුරු පැදියෙන් රේස් ගිය 11ක් පොලිස් කූඩුවේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් එකොළොස් දෙනකු සමග යතුරු පැදි එකොළහක් අද අලුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය කොට්ටාව ඇරැව්වල හා පිළියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 - 30 අතර වයසේ පසුවන තරුණයන් එකොළොස් දෙනකු බව පොලීසිය කියයි.

මෙම තරුණයින් විවිධ වර්ගයේ යතුරු පැදි භාවිතා කරමින් හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය හන්දියේ සිට ටන්කබෝඩ් හංදිය දක්වා තරඟයට යතුරුපැදි ධාවනයේ යෙදී ඇති අතර මේ පිළිබඳව ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් 19 දා අලුයම 2 ට පමණ එම ස්ථානයට ගොස් මාර්ග බාධක යොදා යතුරු පැදි 11 පැදිකරුවන් සමඟ මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම යතුරු පැදි විවිධ වර්ගයේ යතුරු පැදි වන අතර ඒවායේ අධික ශබ්දය පිට වන ලෙස සැකසූ සයිලන්සර් , විවිධ වර්ගයේ නලා සහ විදුලි ලාම්පු සවි කර තිබූ බව ද පැවසේ.

 



අදහස් (4)

යතුරු පැදියෙන් රේස් ගිය 11ක් පොලිස් කූඩුවේ

චන්දන Sunday, 19 March 2023 02:40 PM

මේවා අද ඊයේ දේවල් නෙවෙයි... පොලිසියට මේවාට ස්ථිරවම විසඳුමක් දෙන්න බැරිද?

:       0       41

wije Monday, 20 March 2023 09:16 AM

මෙව තරුනයින්ගෙ ආසවල් මෙ දිහා කුහක විදිහට බලීම වැරදි ,අද රටෙ තරුනයින්ගෙ අනාගතෙ විනාස කරල ,නාකි හම්පඩ දේශපාලකයො ගාව දෙකට නැමෙනව තරුනයින්ට බැටන් පොල්ලෙන් නෙලන්ට බලන් ඉන්න ව, උස්තැන්ඩදැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නෙ.

:       6       1

dasun Monday, 20 March 2023 09:47 AM

හොන්ද වැඩෙ.....ඔය යක්කු පාරෙ යන අහින්සක ජීවිත බිලිගන්නවා.

:       1       6

Jayasekara Monday, 20 March 2023 09:52 AM

අන්තිමට ඔලු කුඩුකරගෙන මැරිල.. මිනිය අරන් යන පෙරහෙරෙත්.. කොල්ලො ටික බයික් වලින් වැඩ දාගෙන යන එක නතර කරන්නත් ඕන.. මෝඩ පරම්පරා බිහිවෙනව..තරුන මදයට...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site