IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදියක් ලොරියක ගැටී දෙදෙනෙක් මරුට

(චමිලා අල්විස්)

හොරණ මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගුවේදී අද දහවල් යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තරැණ අඹුසැමි යුවළක් මියගොස් ඇති බව හොරණ පොලසි පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මොරගහහේන බෙරැකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 24 යන  වයස්වල  පසුවන පූර්ණ මනුෂ්ක සහ චතුරිකා අප්සරා නැමැති යුවලක් බව පොලිසිය කියයි.

හොරණ මොරගහහේන ප්‍රධාන මාර්ගයේ මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක් සහ හොරණ සිට මොරගහහේන දෙසට ගමන් කරන යතුරුපැදියක් අද දහවල් මෙසේ අනතුරට ලක්ව ඇති අතර වංගුවත් සමග පැදිකරැට යතුරුපැදිය  පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් නිවැරදි මන්තීරුවේ පැමිණි ලොරි රථයේ ගැටී ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.

අනතුරින් පසු ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේදි බරපතල තුවාලා ලබා සිටි අඹුසැම යුවළ මියගොස් ඇති ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .



අදහස් (0)

යතුරුපැදියක් ලොරියක ගැටී දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1703 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site