රාජ්‍ය සේවකයන්ට ලබාදුන් යතුරු පැදි දැන් නවතා ඇති බවත්, අධ්‍යාපනයට කනකොකා හැඬු බවත් යහපාලනය ගැන දැන් ජනතාව හොඳින් දන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා කරන්දෙණිය ආසනයේ ජනහමුවකට සහභාගි වෙමින් මේ බව පැවසුවේය.
ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ගුණරත්න වීරකෝන් ජනහමුව සංවිධානය කළේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදිත් නෑ කණ කොකාත් එයි
සෑම් Sunday, 02 August 2015 10:23 AM
රගර් තාජුදීන් මැරුවේ කව්ද ? (නදී)
අංගොඩ ලාල් Sunday, 02 August 2015 10:25 AM
දේශපාලකයෝ සමුර්ධි නිලදාරීන්ව ගස් බැන්දේ , ගුරුවරියන්ව දැනගැස්සුවේ මොන පාලන කාලයේද කියල මෙතුමාට අමතක වෙලා තියෙන හැටි, හරිම පුදුමයි. මේ උන්නැහේගේ සාමාන්‍ය ස්වරුපයද එහෙම නැතිනම් ලෙඩක්ද කියල දැන ගන්න ක්‍රමයක් ඇත්තටම නැද්ද ? (නදී)
ගාමිණී Sunday, 02 August 2015 10:29 AM
රුපියල් 3500 කට පවුලකට ජීවත් වෙන්න පුළුවන් කියපු අධ්‍යාපන ඇමති තුමා හිටියෙත් ඔබ තුමාගේ කාලයේ බව අමතකද? ඒ කාලයේ නම් අධ්‍යාපනය දියුනුයි (නදී)
සමන් වසන්ත Sunday, 02 August 2015 04:01 PM
ඇත්තටම ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බැලුවහම හිතෙන්නේ පහුගිය අවුරුදු දහයේ රට පාලනය කළේ ඔබතුමා නෙමෙයි වෙන කෙනෙක් වගේ. ජනාධිපති වෙලා ඉන්නකොට අධ්‍යාපනය ගොඩනගන්න බැරිවුණ ඔබතුමා වෙන ජනාධිපති කෙනෙක් යටතේ අගමැති වෙලා මොනව කරන්නද? අනිත් එක රාජ්‍ය සේවය ගැන ඔබතුමාගේ සංකල්පය වෙන්නේ ලෝකෙට ණයවෙලා හරි රාජ්‍ය සේවකයන්ට වරප්‍රසාද දීලා තමන්ගේ ඡන්ද පදනම තියාගන්න. ඔබතුමා බෙදපු යතුරුපැදි ලංකාවට සහනාධාර ලෙස ලැබුන ඒවා නොවෙයි. ඕවා රටේ මුළු ජනතාවම ණයකරුවන් කරලා බෙදපු ඒවා. (නි)
ටිරෝන් Sunday, 02 August 2015 10:52 AM
ඔව් ඔව් අපි දන්නවා. දහහත් වනදාට අපි ඒවා බලාගන්නම්. එනවා මෙතන අපිට කියලා දෙන්න (නි)
සේන Sunday, 02 August 2015 08:27 AM
ඔබතුමාගේ කාලේ අධ්‍යාපනයට වෙන්කරපු මුදල් ගැනයි, හිටපු අදයාපන ඇමතිවරුන් දෙන්නගේ විකාර වැඩයි බැලුවොත් ඔබතුමාට තේරේවි අපේ රටේ අධ්‍යාපනයට හඩපු කන කොකා කව්ද කියලා. (නදී)
සදුන් Monday, 03 August 2015 10:07 AM
ඔබතුමාගේ වදන් වලට රැවටෙන්න තරම් අද මිනිස්සු මෝඩ නැහැ.බයිසිකල් දීලා මිනිස්සු රැවටුනෙත් නැහැ.මිනිස්සු රැවටුනා නම් අදත් ජනාධිපති ඔබතුමාමයි.ජනතාව ඔබතුමා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. (නි)
දුමින්ද Sunday, 02 August 2015 08:41 AM
යුද්දය දිනු පසු කළ යුතුව තිබු දේ හරිහැටි නොකිරීම කන කොකාට ඇරයුමක් උනා (නදී)
රනුක Sunday, 02 August 2015 09:39 AM
ඔබගේ නිවැරදි නායකත්වය මේ රටට නැවත ඕනෑකර තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණයකි. (නි)
ද සිල්වා බර්ලින් Monday, 03 August 2015 11:35 AM
ඇත්තටම දේශපාලකයන්ට බලය තිබෙනකොට මොළය ඇත්තෙම නැද්ද? (නි)
අශාන් Sunday, 02 August 2015 09:48 AM
ඔබතුමාගේ කාලයේ තිබුණු රජ්‍ය සේවයේ ගෞරවනීය බව අපි දැක්කා. ගුරුවරියන්ව දැන ගස්සපු හැටිත් අපි දැක්කා. ඔබතුමා හැම දෙයක්ම කියන්නේ "අපි බලාපොරොත්තු වෙනවා" කියලා. එ්ක ඕනිම කෙනෙකුට කියන්ඩ පුළුවන්. (නදී)
ලාල් Sunday, 02 August 2015 09:58 AM
මෙතුමාට ජනවාරි 8 දාට කලින් කරපු කියපු කිසිම දෙයක් දැන් මතක නැතිවෙලා වගෙයි දැන් කියන කතාවලින් තේරෙන්නේ. එක්කෝ කලින් කළ හා කී දේවල් අමතකවීමේ රෝගයකින් මෙතුමා පෙළෙනවා. එහෙමත් නැත්නම් මේ රටේ මිනිසුන්ට එම අමතකවීමේ රෝගය වැළඳිලා කියලා එතුමා හිතනවා (නි)