IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යටි පතුලේ ලක්ෂ 15ක රන්

රන් කැබැලි 3 ක්  යටි පතුලේ අලවාගෙන ගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද උදෑසන  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

අත් අඩංගුවට ගත් රන් කැබලි වල බර රුපියල් ලක්ෂ පහලොවක් වන බවත් එහි බර ග්‍රෑම් 300 ක් බවත් රේගුව කියයි.

සැකකරු 41 හැවිරිදියි. ඔහු  නුවර එළිය ප්‍රදේශයේ  පදිංචි  රෙදි පිලි ව්‍යාපාරිකයෙකි.

ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට යු.එල් 125 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇති බව රේගුව කියයි. ඔහුගේ දකුනු කකුලේ යටි පතුලේ මෙම රන් කැබලි තුන අලවා සපත්තු පැළද සිටි බව රේගුව කියයි.

මේ  පිළිබඳ විමර්ශණ කටයුතු ග\වන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරි තිස්ස ප්‍රියන්ත ද සිල්වා, ඩී.එම්.ජී නිමල් තිලක, සහකාර රේගු අධිකාරීවරුවන් වන අරුණ හේවාවිතාරණ, ඉසෙඩ්. ඒ අතීෆ්, එම්.ඒ.ඕ ප්‍රනාන්දු, අසංක ප්‍රියදර්ශණ සහ ආර්.වී.ටී ස්ලෙජස් යන නිලධාරීහු සිදුකරති.

6
 
 

 



අදහස් (0)

යටි පතුලේ ලක්ෂ 15ක රන්

ලක්මාල් Thursday, 25 June 2015 10:03 AM

දැන් මේ අල්ලගන්න රත්රන් වලට මොනවාද වෙන්නේ, ඒවා හරිනම් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිය යුතුයි, එහෙම වෙන්නේ නැහැනේ.? (ර)

:       0       0

ටෙනිසන් Thursday, 25 June 2015 08:08 AM

කොච්චර කිවුවත් අහන්නෙ නම් නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 28 June 2015 08:07 AM

කෝටි ගණන් බඩු අල්ලලා ඒවා රාජසන්තක කරනවා.මේවාට ඊට පස්සේ මොකද වෙන්නේ.ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site