මෑතදී උතුරු විල්පත්තුවේ ජනාවාස ඇති කළ පැත්තේ දී ගෝනකු මරූ බව කියන දෙදෙනකු කිලෝ 25ක මස් සමඟ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
මස්වලට උඩින් රෙදි අතුරා තිබූ බවත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුහු පවසති.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යටින් ගෝන මස් : උඩින් රෙදි
සම්පත් Friday, 18 July 2014 11:48 AM
ඕක තමයි අපේ හාමුදුරුවරු එදාම දුර දැකලා කිව්වේ. කොහෙද අපේ අය අපේ හාමුදුරුවරුන්ටම අපහාස කර කර හිටියා මිසක් ඇත්ත දකින්න නුවණක් තිබුනේ නැහැ. (නි)
සිල්වා Friday, 18 July 2014 10:23 PM
අනේ අපොයි කැලේ සත්තු ටික? (නි)
රජින්ද Friday, 18 July 2014 11:50 AM
පොදුවේ ගත්තහම සියලු සතා-සීපාවුන්ටික ඉවරටම ඉවරයි. දැන් ඉතුරුවෙලා තියෙන්නේ අපිව විතරයි. මේ රටේ පරිසරය බරපතල ආගාධයකට හෙළා අවසානයි. (නි)
පිටබැද්දර ජයා Friday, 18 July 2014 11:27 PM
රටේ නීතිය නිහඩ වුණත් සොබාදහමේ නීතියට නම් මේ අයට කවදාහරි උත්තර බදින්න වෙයි (නි)
සුසන්ත Friday, 18 July 2014 12:19 PM
සම්පත්, ඔයා හරි. කාලයක් ගියාම තමා අපේ මොළගෙඩි පෑදෙන්නේ. (නි)
වසන්ත Friday, 18 July 2014 12:51 PM
ඔය ජනාවාස වලට අපි විරුද්ධ වෙන්නේ කාලය සහ සතුන් ආරක්ෂා කරගැනීමටයි. මේ මිනිසුන්ට දැඩි දඬුවම් ලැබුනොත් හොඳයි. (නි)
පිටිගල Friday, 18 July 2014 12:56 PM
කැලේ සත්තුයි, හරක් ටිකයි අවසන්වුණ දාක මිනිස්සුත් මරලා කයිද දන්නේ නැහැ මේ උදවිය? (නි)
ගාමිනි Friday, 18 July 2014 01:57 PM
අපේ රටේ පාලකයෝ ඉන්නවද? ඒ අයගේ රාජකාරිය මොකක්ද? (අ)
පිටිගල Friday, 18 July 2014 03:36 PM
ගාමිණී අපේ රටේ පාලකයෝ ඉන්නවා, ඒ අයගේ රාජකාරිය ඡන්ද බලාගෙන අනුන් සතුටු කරන එක, රට ට වෙනදේ එතරම් වැදගත් නැහැ. (අ)
තරිඳු Saturday, 19 July 2014 05:17 AM
පිපාසයට වතුර හොයා ගෙන එන සතුන්වයි ඔය මරන්නේ. ඕක පිටිපස්සේ දෙස්පාලුවෙක් හෝ අනුගාමිකයෙක් ඇති. අද සත්තු මරයි, හෙට අපේ මාළු කයි. අපි ඉතින් එතුමා කියාගෙන ඡන්දය දෙමු. මොලේ පහල වෙන කොට රටේ මිනිස්සු ඉතිරි වෙයිද? (අ)
තරිඳු Saturday, 19 July 2014 05:21 AM
දැන් දැන් දිවියොත් අරාබි කාරයන්ට විකුණන ජාවාරමක් තියෙනවලු. පරිසරය විනාස වෙන්න ඉඩ ඇරලා බලන් ඉන්නවාද නැතිනම් ඕවා පස්සෙන් ඉන්න දේශපාලුවන් කම්බස් කරනවාද කියා අපට ළඟදීම තීරණයක් ගන්න වෙනවා.(අ)
ලහිරු Saturday, 19 July 2014 05:42 AM
ඔය පැත්තත් කාන්තාරයක් වේවි ළඟදීම. (නදී)
කුමාර Saturday, 19 July 2014 08:42 AM
සත සීපාවා කැලේ ජීවත් වෙන්නේ නිතරම මරණ භයෙන්. එහෙව් සත්තු මරාණ කන්නේ, උපත දෝෂ සහිතවූ පිරිමින්ය. සතුන් මැරීම, හොරෙන් ගස් කැපීම, හොරෙන් මැණික් ගැරීම මේ සේරම හොර වැඩට වැඩියක් ම සම්බන්ධ පිරිමින්මය. අම්මල පුතුන් හරියට නොසෑදීමේ විපාකය මේ (නදී)
නුවන් Friday, 18 July 2014 08:48 PM
ධර්මද්වීපයකට ගිය කල! (නි)
චමින්ද Friday, 18 July 2014 09:03 PM
ඉතාමත්ම කණගාටුයි, අපේ වගකිවයුත්තන් ඇස් කන් පියාගෙන ඉන්න එකට. (නි)
දසනායක Saturday, 19 July 2014 09:16 AM
රජ නීතියෙන් පැන ගියත් දේව නීතියෙන් කිසි දා ගැලවිය නොහැක (නදී)
නුවන් Friday, 18 July 2014 09:32 PM
උපරිම දඩුවම් දෙන්න (නි)