(තිලකරත්න දිසානායක)
ජනතා විමුක්ති පෙරමුණු පිරිසක් විසින් සිය බාරයට ගත් යක්කල සල්මල් උයනේ කාර්යාලය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අද (10) සවස යක්කල පොලීසිය විසින් සිය බාරයට ගනු ලැබීය.
මෙම කාර්යාලය පසුගිය කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ මගින් සහ පහු කලෙක පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් භාවිතා කොට ඇති අතර මෙහි අයිතිය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල්ගත සිදුවීමෙන් පසුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීම මත ආරවුල නිරාකරණය කරන තෙක් මෙලෙස පොලීසිය බාරයට ගන්නා ලෙසට ලබාදී ඇති නියෝගය මත මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.
පෙරටුගාමී සාමාජිකයන් පිරිසක් ඉන් පන්නා දමා ඉකුත් 2 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් මෙ කාර්යාලය සිය බාරයට ගත්තේය. එහිදී ඇති වූ ගැටුමක් හය දෙනකුට තුවාල සිදුවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
යක්කල ජවිපේ කාර්යාලය පොලිස් බාරයට