(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව,කැකිරාව මාර්ගයේ යකල්ල 22 කණුව ආසන්නයේදි සිදුවු යතුරැ පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු අද පස්වරැවේදි මියගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හුරුළු සිටි එච්.එම්.ඉෂාර අචින්ත හේරත්(20) හා ඩබ්ලිව්.ඒ.ජානක සම්පත් (31)නැමති පුද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම පුද්ගලයන් දෙදෙනා මෙදින සේවය නිමවා කැකිරාව දෙස සිට සිය නිවෙස්වලට යතුරු පැදියෙන් එමින් සිටියදි යකල්ල 22 කණුව ආසන්නයේදි යතුරු පැදියේ වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවෙසක තාප්පයක ගැටි බරපතල තුවාල ලබා යකල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.එහිදි ඔවුන් මිය ගොස් තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
යකල්ල යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට