IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යුක්තියෙන් ඇල්ලූ කෝටි 10 වාහන යළි දෙන්න කියයි

(කේ බුද්ධික කුමාරසිරි)

කඩුවෙල "වැලිවිට සුද්දා" නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා තබාගෙන සිටින කෝටි දහයකට පමණ වටිනාකමෙන් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරුට වෙත යළි ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (16) දින නියෝග කළාය.

එම නියෝගය සිදු කරන ලද්දේ මාස දෙකකටත් වැඩි කාළයක් එම රථ වාහන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් රදවා ගෙන තිබියදී තව දුරටත් අදාල රථ වාහන රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අවස්ථාව ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

කඩුවෙල පොලිසිය මගින් ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කඩුවෙල පදිංචිකරුවකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් "වැලිවිට සුද්දා" නැමැත්තාට අයිති බවට පවසමින් ඔහුගේ සහෝදරියක වන එච්.එම්. හීන්මැණිකේ යන අය සතුව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක් නවීන මෝටර් රථයක් සහ යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනතේ හත්වන වගන්තිය යටතේ අදාල රථ වාහන සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට සහකාර පොලිස් අධිකාරි එස්.ඊ.ආර්. සමරනායක මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත එම රථ වාහන දින හතක කාළයක් රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අධිකරණය  නියෝග කර තිබුණි.

 



අදහස් (6)

යුක්තියෙන් ඇල්ලූ කෝටි 10 වාහන යළි දෙන්න කියයි

Ajith rohana Friday, 16 February 2024 11:00 PM

දේශබන්දු මොකද රිවස් එකට යන්නේ..?

:       1       4

sam Saturday, 17 February 2024 03:39 AM

අන්තිමට නටපු නැටුමකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ. මාධ්‍ය සංදර්ශන පවත්වලා, තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගෙන පොලිස්පති වෙන්න උත්සාහ කලාම, මෙහෙම වෙන එක පුදුමයක් නොවෙයි.

:       2       10

Ajith Saturday, 17 February 2024 05:53 AM

පොලීසිය නීතිය දන්නේ නැද්ද?

:       1       11

Nimal Saturday, 17 February 2024 08:18 AM

අයුක්තිය ඇත්තේ කොතැනද?

:       1       10

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 February 2024 10:34 AM

රටේ සැමට ඉහළින් තිබිය යුතු වන්නේ ගරු අධිකරණය හා නීතියයි. එසේම නීතිය ක්‍රියාත්මක කරවා ගරු අධිකරණයේ යුක්තිය පසිඳන ගරු විනිසුරුවරුනුයි. රටේ පොලීසිය විසින් ගරු අධිකරණය හමුවේ නීතියට එකඟව කටයුතු කළ යුතුයි. එසේ නොමැතිව මත්ද්‍රව්‍ය උවදුර පිළිකාවක් සේ පැතිරීම සිදුවෙන තෙක් බලාසිට දේශපාලන අංශවල හදිසි වුවමනාවන් මත හිතු හිතූ සේ නීතියට පටහැනිව ක්‍රියා කිරීමට නොවේ. මත්ද්‍රව්‍ය අලෙවියෙන් ගත් දේපළ නම් ඒවා එසේ ඔප්පු කිරීමට පොලීසිය විසින් සාක්ෂි සහිතව අධිකරණයට පැමිණිය යුතුයි. එසේ නොමැතිව හිතේ තියෙන දේ වෙනුවෙන් සාක්ෂි නොමැතිව නීති මගින් දඬුවම් කළ නොහැකියි. රන්ජන් රාමනායක වැනි අය පාර්ලිමේන්තුවේදී කළ කතා ගැන, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගැන අදාළ පාර්ශව මුනිවත රකිති. රටක නීතිය සැමට එකසේ ලොකු පොඩි භේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතුයි. මේ රටේ නොවෙනුයේද එයයි. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කළ යුතුමයි. ඒත්, එය ලොකු පොඩි කොයි කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. අවාසනාවක මේ රටේ සිදු නොවන්නේද එයයි...

:       2       14

රංබොඩ Saturday, 17 February 2024 10:42 AM

පොලිසිය කොපමණ උත්සාහ කළත් පවතින නීතිය ඉදිරියේ වැරැදි කරුවන් දිනනවා..

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site