IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යකඩ කඩේ කැඩූ හැටි

 ගිනි අවි දෙකක් අතැතිව ඉරිදා (09) සවස පාදුක්ක වටරැක ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලක් කොල්ලකෑමට පැමිණි  කොල්ලකරුවන් දෙදෙනා සීසී ටීවී දර්ශන ඇසුරෙන් හදුනාගෙන ඔවුන් පිළිබදව තොරතුරක් ලබා දෙන්නෙකුට විශේෂ ත්‍යාගයක්  දීමට තීරණය කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක වටරැක 20 කණුව මංසන්ධියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලට මුහුණු ආවරණය වූ හිස් ආවරණ පැළද පැමිණ අහසට සහ වට පිටාවට වෙඩි තබමින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් මංකොල්ල කා පලා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

මේ  පිලිබදව තොරතුරක් වෙතොත් පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බිමල් පෙරේරා මහතාට දුරකථන අංක 0777554184 හෝ 0112 859110 මගින් දැනුම් දෙන ලෙස පොලිසිය දන්වා සිටියි.

vlcsnap-2014-11-10-09h36m26s147

 



අදහස් (0)

යකඩ කඩේ කැඩූ හැටි

කුසුමලතා Monday, 10 November 2014 10:09 PM

ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවුණාම ,රස්සා හොයලා හොයලා නැතුව ගියාම, අතපය තියාගෙන හිඟාකෑවත් කාගෙන්වත් මුකුත් නොලැබෙන නිසා මිනිස්සු මේ වගේ වැඩ වලට පෙළඹෙනවා. සල්ලි තියනවා නම් කවදාවත් හොරකම් කරන්නේ නැහැනේ. (නි)

:       0       0

උදය Monday, 10 November 2014 07:29 AM

දෙවෙනි හොරාගේ කකුලේ ආබාධයක් තියෙන කෙනෙක් බව පේනවා ආපසු එනවිට. හදුනාගැනීමට හොද ලක්ෂණයක්. (බ)

:       0       0

චින්තක Monday, 10 November 2014 01:29 PM

කළු කලිසම ඇඳගෙන ඉන්න හොරා ගේ දකුණු කකුල දණහිසෙන් පහල බොරු කකුලක් කියල මට හිතෙන්නේ. (නදී)

:       0       0

චින්තක Monday, 10 November 2014 01:29 PM

කළු කලිසම ඇඳගෙන ඉන්න හොරා ගේ දකුණු කකුල ,දණහිසෙන් පහල බොරු කකුලක් කියල මට හිතෙන්නේ.(හේ)

:       0       0

සමන්ත Monday, 10 November 2014 09:24 AM

බය නැතුව මහ දවල් ආපු විදිය.(හේ)

:       0       0

කසුන් Monday, 10 November 2014 09:43 AM

රූපවති, "ෆුල් ෆේස් " හෙල්මට් පාවිච්චිය තහනම් කළොත් වෙන ක්‍රමයකින් හරි මංකොල්ලකාවි. "ෆුල් ෆේස් " හෙල්මට් තියෙන්නේ මොකටද කියලා දැනගන්න යතුරුපැදියක් තියෙන්නම ඕනෑ (නි)

:       0       0

මහින්ද Sunday, 16 November 2014 05:39 AM

රූපවතී ඔළුවකුත් නෑ, මෝටර් බයිසිකලයකුත් නෑ (බ)

:       0       0

ප්‍රසාද් Monday, 10 November 2014 03:07 PM

පුදුම හොරු දෙන්නෙක්.(හේ)

:       0       0

බෙනට් Monday, 10 November 2014 10:09 AM

කඩේ සේවක මහත්තුරු ටික හැසිරෙන විදිය නම් එතරම් සුබදායක නෑ..(බ)

:       0       0

සමන්ත Friday, 14 November 2014 03:26 PM

රුපවති, කිවවට අනතුරක් උන වෙලාවට ඔලුව බේරෙන්න තියෙන එකම දේත් තහනම් කරන එක විසදුමක් ද? පාන් කපන පිහිය මිනි මරන්න ගත්තම පිහි පාවිච්චිය තහනම් කලාම හරිද? (ර)

:       0       0

රෝහණ Monday, 10 November 2014 03:45 PM

හෙට අනිද්දම ඔය හොරා අහුවෙනවා.(හේ)

:       0       0

මංගලී ෆොන්සේකා Monday, 10 November 2014 10:54 AM

සි සි ටි වී කැමරාවල ඇති ප්‍රයෝජනේ හැමදාම කියනවා සි සි ටි වී කැමරාවල වැටිලා කියල පස්සේ කියනවා පැහැදිලි නැ කියල හෙල්මට් නිසා කියල .ඔය දැනුත් මහජනතාවගෙන් අහන්නේ හොරු අල්ලන්න (බ)

:       0       0

චාමි Tuesday, 11 November 2014 03:24 AM

අනේ රූපවතී ෆුල් ඵචේ හෙල්මට් තහනම් කලාම ඔයාද මගේ හෙල්මට් එකට සල්ලි දෙන්නේ. ෆුල්ල් ඵචේ හෙල්මට් දාන හැමෝම හොරු නෙවෙයි හලෝ.මේ හොරුන්ට නිසි දඩුවම් ලංකාවටම දෙනවනම් මේ හොරකම් අඩු වෙනවා. (ස)

:       0       0

සහන් Monday, 10 November 2014 11:16 AM

බය නැති තරම.ප්‍රසිද්ධියේ ඔය විදියට එන්න තරම්.(හේ)

:       0       0

රූපවතී Monday, 10 November 2014 05:31 PM

සමහරවිට ආරක්ෂක අංශ වලින් ඉවත්වුණ කට්ටියක් වෙන්නත් බැරි නැහැ. ඔන්න එහෙනම් මම දුන්නා හෝඩුවාවක්... (නි)

:       0       0

චමිලා Monday, 10 November 2014 12:31 PM

මටත් පේන විදිහට එක්කෙනෙක්ගේ කකුලේ අාබාදයක් තියනවා. (නදී)

:       0       0

හර්ෂ Monday, 10 November 2014 07:14 PM

සම්පුර්ණයෙන් හිස වැසෙන හෙල්මට් පැළඳීම හා ලංකාවට ගෙන්වීම තහනම් කිරීම විසඳුම බව මගේ අදහසයි (නි)

:       0       0

ඉසුරන්දි - දෝහා Monday, 10 November 2014 06:35 AM

සි සි ටි වී කැමරාවල ඇති ප්‍රයෝජනේ මේ අවස්ථාවේදී තමයි වටින්නේ.අද හොරු මංකොල්ලකාරයෝ එන විදිහෙන් හිතාගන්න බැහැ මෙයාල මොකටද එන්නේ කියලා.ඒ තරමටම සුපිරියට ඇඳ පැළදගෙන මේ වැඩවලට බහින්නේ හිතාගන්න බැරි විදිහට.(හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 12 November 2014 07:42 PM

කොට කලිසම ඇන්ඳ කෙනා ගැන මට සැකයි. හොඳට බලන්න. හිමින් සීරුවේ ආයෙත් වැලි කඩදාසිය අතටගත් හැටි? (නි)

:       0       0

රූපවති Monday, 10 November 2014 07:07 AM

අැයි ලංකාවේ "ෆුල් ෆේස් " හෙල්මට් පාවිච්චිය තහනම් නොකරන්නේ ..? බලන්න මෙපමණ විනාශකාරී ලෙස හැම දවසකම අපරාධකරුවෝ හැසිරෙනවිට ..නීතිය ඒ මාර්ග අවහිර කළ යුතුයි ?ඊ ට ඉඩදීලා ඉන්නවා කියන්නේ අපරාධවලට රුකුල් දෙනවා කියන එකයි ...? මෙතන වුණත් සාමාන්‍ය හෙල්මට් පැළදගෙන හිටියානම් මේ වීඩියෝ එක උදව් වෙනවා හොරාව සොයා ගන්න ...? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site