
(ජේ.කේ.එල්. චාමින්ද)
යක්කලමුල්ල මා ගෙදර කරුවලගල ප්‍රදේශයේ කුරුදු වාඩියක සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සිව් හැවිරිදි දරුවකු හා තවත් අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.
මියගොස් ඇත්තේ කුරුඳු වාඩිය තුළ කුරුදු තලමින් සිටි වෙඩික්කරැගේ සමන් කුමාර (33)නැමැති අයෙකි. ඌරගහ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි තිදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා උරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මිනීමැරුම් නඩුවක සැකකරුවකු බව පොලිසිය පවසයි. මොහු යක්කලමුල්ල කරැවලගල ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී ඇත.
කුරුඳු තැලීම සඳහා මොහු පැමිණ ඇති අතර අසල නිවසක කුරුදු තලමින් සිට ඇත. එම අවස්ථාවේදී යතුරුපැදියෙන් පැමිණි තිදෙනා මොහුට වෙඩි තබා ඇත .ඒ අසල සිටි සිව් හැවිරිදි දරුවකුට සහ තිස් වියේ පසුවූ අයකුට වැදි වැදී ඇති බව පොලිසිය පවසයි. සිව්හැවිරිදි දරුවාගේ උදරයට වෙඩි වැදී ඇත.
එම දරුවාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.දරුවා ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අනිත් පුද්ගලයාගේ පාදවලට වෙඩි වැදී ඇති බව ද පොලිසිය පවසයි .පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
යතුරු පැදියෙන් පැමිණි තිදෙනා මෙම වෙඩි තැබීමෙන් පසු මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු බියවද්දා ඔහුගේ යතුරු පැදියක් රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ දෙකක් සොයා ගත් බවද පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි .

2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යක්කලමුල්ලේ වෙඩි තැබීමක් අයෙක් මරුට
Perera Wednesday, 19 October 2022 02:10 PM
මරණකරුගේ වාසගම වෙඩික්කරුගේ...!
fairoos Wednesday, 19 October 2022 04:42 PM
මේවා නතර වෙන්න නම් මේ දේශපාලකයන් තොලොංචි වෙලා යන්න ඕනෑ..
Shashika519 Thursday, 20 October 2022 07:19 AM
කයියනම් පාතාලේ නැති කරන්න...