IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


’’ මං වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්’’

(අංජුල මහික වීරරත්න)

" මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්" යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරක් දෙමිනි.

එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ධනය අයථා ලෙස උපයා ගත් ඉතිහාසයක් නොව පෞද්ගලික ධනයත් වැය කොට ජනතා සේවය කළ ඉතිහාසයක් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

තමා කිසිදු වත්කමක් අයථා ලෙස උපයා නැති බවට තම දේශපාලන ඉතිහාසය ගැන දන්නා සියලු දෙනා සාක්කි දරනු ඇතැයි කී අබේවර්ධන මහතා සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය ඉල්ලා සිටි ලිපි ලේඛන තමා ඉදිරිපත් කර නැතැයි ඇතැම් මාධ්‍ය වැරදියට කරුණු සඳහන් කර තිබූ බව කී වජිර අබෙිවර්ධන මහතා අවශ්‍ය කරන සියලු ලිපි ලේඛන නිසි පරිදි තමා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි සඳහන් කළේය.

 



අදහස් (16)

’’ මං වාහන පර්මිට් එක විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්’’

පිස්සු යකෙක් Wednesday, 20 August 2025 10:33 PM

හැබැයි ඇවන්ගාඩ් එකෙන් ගත්තු ඒවා මේ... මේකට අදාළ නෑ හොදේ...

:       0       0

පොඩිඑකා Thursday, 21 August 2025 12:30 AM

අපි නොදන්න වංඩු ආප්ප.

:       0       0

Perera Thursday, 21 August 2025 12:32 AM

ඔය ගමන්ම කොමිස් ගහලා තමන්ගේ සාක්කුව පුරවා ගත්තු ඒවත් කියන්න...

:       0       0

Shantha Thursday, 21 August 2025 03:43 AM

ඇත්ත වෙන්න ඇති. විකුනලා චන්දෙට වියදම් කරන්න ඇති. ඒවාට සල්ලි බෙදන්න ඇති. ඒ උනාට හොඳටම පැරදිලා ගෙදර යන්න උනෙත් ඒක නිසා වෙන්න ඇති. නැතිව කරපු කෙන්ගෙඩියක් නම් අපි දැක්කේ නෑ.

:       0       0

දීපාල් Thursday, 21 August 2025 04:27 AM

දැන් ඕව කිව්වට ඔට්ටු නෑ... දොරට තට්ටු කරනව වගේ ... කෙඳිරිල්ල පටන් අරං තියෙන්නෙ..

:       0       0

රත්නායක Thursday, 21 August 2025 05:17 AM

පර්මිට් එක විකුනපු එකත් වැරදියි.සල්ලි බෙදපු එකත් වැරදියි.

:       0       0

ලුම්බිණි Thursday, 21 August 2025 07:34 AM

වාහන පර්මිට් එකක් දෙන්නේ විකුණලා සල්ලි ගන්නද? එතැනම කරලා තියෙන්නේ හොරකමක්...!

:       0       0

ගුණරත්න Thursday, 21 August 2025 08:40 AM

ජෙප්පෝ නම් කලේ පර්මිට් ටික එකතු කරලා උන් බෙදාගත්තු එක..

:       0       0

චින්තක Thursday, 21 August 2025 09:37 AM

ඇයි, මුනේ දමන් හිටිය මාස්ක් එකත් ගලවල ත්‍රීවිලර් මල්ලි කෙනෙකුට දුන්නේ

:       0       10

wedage Thursday, 21 August 2025 09:39 AM

ඔයා කොළඹ හදපු නිවස කාගේ සල්ලිවලින්ද හැදුවේ?

:       1       12

Kris Thursday, 21 August 2025 09:41 AM

දාගෙන හිටපු මුඛ ආවරණය ගලවල දුන්න මිනිහානෙ

:       0       13

fairoos Thursday, 21 August 2025 12:20 PM

හරි ඉතින් ඔබතුමා වැරැදි කරලා නැතිනම් බයවෙන්න ඕනෙ නෑ නේද? 

:       0       0

Hafeel Thursday, 21 August 2025 01:32 PM

ඒ නිසාද ගාලු දිස්ත්‍රික්ක ජනතාව ඔයාව තුන් පාරක් පරාජයට පත්කළේ..?

:       0       1

wedage Thursday, 21 August 2025 02:07 PM

අර ඒ දවස් වල පැදපු ෆුට් සයිකලේ තියෙනවාද? මට මතකයි පස්ස රිදෙනකම් බයිසිකලේ පදිනවා ගාල්ලට...

:       0       0

පොඩිඑකා Thursday, 21 August 2025 03:19 PM

අපි හිතුවේ විලි ලැජ්ජාවත් විකුණලා කියලා....

:       0       0

ගමේ එකාලා Thursday, 21 August 2025 05:02 PM

අපිව අන්දවන්න හැදුවාට තමුන්ගේ කෙරුවාවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා. දේශපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ?...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site