IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’මේ නාකි මල හැත්ත ගැන නොවෙයි දරුවන් ගැන කතා කරමු’’

 

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත්  සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට හැකිවීම ගැන විපක්ෂයද කුහකත්වයෙන් තොරව  අද  සතුටු විය යුතු බව  පැවසූ වෙල්ගම මහතා මේ ණය මුදලින්  උපරිම ඵල ප්‍රයෝජන ගත යුතු බවද  සඳහන්  කළේය.

වෙල්ගම මහතා  මෙසේ පැවසුවේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.

කුමාර වෙල්ගම මහතා මෙසේද සඳහන් කළේය.

මේ ජයග්‍රහණය ගැන මම ජනාධිපතිවරයාට  හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම විපක්ෂය විදියටත් අපි සන්තෝෂ වෙන්න ඕන. මේ යෝජනාවට  මම සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. මොකද අපේ රට වැටිල තියෙන්නෙ. අපි හැමදාම හොරු හොරු හොරු කියනවා.  අල්ලන හොරෙක් නැහැ. හොරු  නම්  දෙපැත්තෙම ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ  අවුරුදු තිහක් ඉන්න මිනිහෙක් හැටියට මම මේ කියන්නේ.  ඔය කියන හොරු අල්ලන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඔක්කොම දිගටම  අහුවෙනවා. තවත් දෙයක් කියන්න ඕන. අද  ඒ හොරුන්ගේ සල්ලි මේ රටේ නැහැ. අපි ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ  ඒ වැඩපිළිවෙළට  සහයෝගය දෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  සල්ලි ගන්න බැහැ කියලා  රටේ ගොඩක් අය කිව්වා.නොයෙකුත් තර්ක විතර්ක  ගෙනාවා. විපක්ෂයත්  ගෙනාවා.නමුත් ජනාධිපතිතුමා ඒ මුදල්  ගෙනල්ලා තියෙනවා. අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. රට ගොඩ දාන්න පොඩි  දරුවන්  වෙනුවෙන් අපි කතා කරමු.  නැත්තං මේ ඉන්න නාකි මල හැත්ත වෙනුවෙන් නෙවෙයි.



අදහස් (5)

’’මේ නාකි මල හැත්ත ගැන නොවෙයි දරුවන් ගැන කතා කරමු’’

කිරිපුතා Wednesday, 22 March 2023 11:23 AM

මෙයා ගැන වැඩි විස්තර දන්නෙ නෑ. කියපුු කතාව නම් හොඳයි

:       4       30

Dinesh Wednesday, 22 March 2023 12:24 PM

වෙල්ගමගෙත් කට විතරයි වැඩ නෑ.

:       22       17

fairoos Wednesday, 22 March 2023 12:28 PM

අනේ නිකං කවාරු විතරයි..ඔක්කොම හොරු නිස තමයි බය ලැබුනු නය ටිකටත් කෙලවිල යයි කියල.

:       15       17

jagath liyanage Wednesday, 22 March 2023 12:44 PM

වෙල්ගම මහත්තයා නම් තරුණ කොල්ලා

:       2       19

ravinWednesday, 22 March 2023 01:00 PM

නැතුව නැතුව ,පහුගිය කාලේ අහවලීගේ නමින් කොච්චියකුත් නම් කලේ

:       3       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site