
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ කොළඹ එම පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්වූහ.
මේ අනුව රාජකා වික්‍රමසිංහ මහත්මිය එම පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත් කරනු ලැබුවාය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත් කරනු ලැබ සිටී.
මේ අතර චමිදු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙසත් තක්ෂිල ප්‍රේමසිරි මහතා මහනුවර උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත් කරනු ලැබ සිටිති.
සංජීව සුරවීර මහතා මහනුවර හේවා හැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනවිරත්න මහනුවර යටිනුවර සංවිධායක ලෙස තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබූ බව මව්බිම ජනතා පක්ෂය පවසයි.
COMMENTS
නයා පෙන්වන එක හැරෙන්ඩ වෙන කරන්ඩ පුලුවන් දෙයක් නැහැ.
මට තේරෙන්නෙ නෑ, දිලිත් අන්තිමට කරන්න හදන්නෙ මොකක්ද කියල, කවුරු හරි දන්නවනම් කියල දෙන්න.
අපේ රටේ හොරුන්ට කාලකන්නිට පුදුම තැනක් තියෙන්නේ...දිලිත් කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් මහජනයාට
මේක දේශපාලන අනාථාගාරයක්ද? මව්බිම අනාථ පක්‍ෂය කියල නම වෙනස් කරගන්න.
ඔක්කොම එක තැනට.
හම්බුන 120000 ත් නෑති කරගනී වගේ.
පටන් ගත්ත ගමන් කෙලවා ගෙන යන දිලිත්.
මහජන මුදලින් සොරකම් කර දිවයින පුරා මාලිගා තනන හැටි දිලිප්ට දහම්ගෙන් ඉගෙන ගත හැකි වේ.
දිලිත්ට එක අරමුණයි තියෙන්නේ, ඒ ජාතික ලැයිස්තුවෙන් එක ආසනයක් ආවත් ඇති ඒක දිලිත්ට.
හිටං දිනපු දවසේ මේ හාදයා ක්ලබ් එකක ගෝරියක් දා ගත්තා මතකයි, ඒ වගේම රන්ජන්ගෙත් හොඳ යාලුවෙක්...
මේ කාලකන්නි බල්ලා කොරෝනා කාලේ නිරෝධායන හෝටල කියලා එකක් අටවාගෙන විදේශ ශ්‍රමිකයින් අසරණ වුණු වෙලාවේ හොඳට ගසාකෑවා. සල්ලිවලට ලංකාවම ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ..., විදේශ ශ්‍රමිකයින්ගේ පවුල් වල ඡන්ද මොකක්වත් ලැබෙන්නේ නැහැ... මේ කාලකන්නි හොරු සෙට් එකට, ඔක්කොම එකට තියලා පරදවමු, මේ හොරු නැතිවුනාට පාර්ලිමේන්තු යවන්න සුදුසු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා ලංකාවේ....
මේ ගොන් වස්සා මොනවට ගන්නවද?
දිලිත් ජයවීර ගැන ඇතිවුන ප්‍රසාදය දිනෙන් දින දියවෙලා යනවා. පොහොට්ටු හා විපක්ෂ අපත රැළ එක්ක දිලිත් විනාශ මුඛයට යන්න දැඟලීම හිතට දුකයි. මොළේ පාවිච්චි කරන්න දිලිත්.
ඇපත් නැතුව පැරදුනු දිලිත් එක්ක මේ අය එකතු වෙන්න මොන තරම් බංකොලොත්ද කියලා හිතෙනවා
තව මී ගවයකු...
මොනවාහරි බොරු හේතු කියා කිය කල්ලි ගැහෙන එක තමයි .මුන් ඔක්කොම එකට තියලා ගෙදර යවමු
පලයන් යන්න.. කරපු හරිය හොඳටම ඇති...